IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයෙන් ට්‍රම්ප්ට ප්‍රබල පිළිතුරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට පළිගැනීමක් ලෙස චීනය සිය රටට ගෙන්වන ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නැංවීමට අද කටයුතු කළේය.

එසේම ඉන් නොනැවතුණු චීනය ඇමරිකානු සමාගම් හයක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට එකතු කිරීමටත්, තවත් සමාගම් 12 අපනයන පාලන ලැයිස්තුවට එකතු කිරීමටත් කටයුතු කළේය. එලෙස එක් කළ ඇමෙරිකානු සමාගම් මොනවාදැයි ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ චීනය නම් වශයෙන් නිවේදනය නොකළ අතර එරට නීතිය අනුව චීන සමාගම් වලට ලැයිස්තුවට එකතු කළ සමාගම් සමග වෙළඳ කටයුතු සිදු කර නොහැක.

චීන මධ්‍යම රූපවාහිනී නාලිකාවේ සන්ධ්‍යා පුවත් විකාශය අතරතුර නව බදු ප්‍රතිශත සහ ඇමෙරිකානු සමාගම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග චීනය රජය ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන් ආයෝජකයන් දැඩි කණස්සල්ලටත්, කලබලයටත් පත්ව ඇත.

දෙරට අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය හේතුවෙන් ලොව සුපතල ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන මාදිලි ඇමෙරිකාව තුළ නිෂ්පාදනය කිරීමට සිදුවුවහොත් නව ජංගම දුරකතනයක මිල ඇමෙරිකානු ඩොලර් 3500 ක් පමණ වනු ඇතැයි (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 ක් පමණ) ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. එවිට කිසිවෙකුත් අයි ෆෝන් මිලදී නොගනු ඇති බවද ඔවුන් පෙන්වා දුන්නේය. වර්තමානයේ අයි ෆෝන් නිෂ්පාදනය සිදුවන්නේ චීනය පදනම් කරගෙනය.

මෙම ඉරණම ඇමෙරිකාවේ බොහෝ සමාගම්වලට අයත් වනු ඇති බවත් ඇමෙරිකාවේ කුඩා ව්‍යාපාර බොහොමයක් වැසී යනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයන් මේ වනවිටත් බිය පළකර ඇත.

චීන වාණිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ ක්‍රියා කලාපයට නිසි පිළිතුරු දීමට චීනය පසුබට නොවන බවත් ඇමෙරිකාව ආරම්භ කළ සටන අවසානය තෙක් අත් නොහරින බවත්ය. තීරු බදු වැඩිකිරීම ඇමෙරිකාවේ ප්‍රශ්නවලට විසඳුම නොවන බව අතීතය සාක්ෂි දරණ බවද එරට වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සියයට 84 දක්වා ඉහළ නැංවීමට ගත් පියවරට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් කියා සිටියේ චීනයේ එම තීරණය ඉතාමත් අවාසනාවන්ත එකක් බවය. චීනය ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට අකමැති වීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියෑන් ප්‍රකාශ කර සිටියේ චීනයට අභියෝගයක් එල්ල කළ විට සැමවිටම චීනය නොබියව එයට මුහුණ දෙන බවය. ඇමෙරිකාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහා පනවනු ලබන තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නංවන බව චීනය නිවේදනය කිරීමත් සමග ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට ලක්වූ අතර බොරතෙල් මිලද පහළ ගියේය. එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 6.4 කින් ඇමෙරිකානු ඩොලර් 58.80 දක්වා පහළ ගියේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ඇමෙරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා පනවා තිබූ සියයට 84 ක තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ නැංවීමට පසුගියදා තීරණය කළ අතර එයට පලිගැනීමක් ලෙස චීනයට අමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා පනවා තිබූ සියයට 34 ක තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නැංවීමට චීන වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කළේය. චීනය පැනවූ නව තීරු බද්ද අද(10) මධ්‍යම රාත්‍රී 12.01 සිට ක්‍රියාත්මක විය. ජනපති ට්‍රම්ප්ගේ නව තීරු බද්ද ක්‍රියාත්මක වීමත් සමග ඊයේ(09) දින එක්සත් රාජධනිය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ රාශියක් කඩා වැටුණේය.



අදහස් (11)

චීනයෙන් ට්‍රම්ප්ට ප්‍රබල පිළිතුරක්

මාබංකුසිංහ Wednesday, 09 April 2025 10:53 PM

රනිල් තුමා හිටියනම් ට්‍රම්ප්ට කතා කෙරුවා, මස්ක්ට කතා කෙරුවා, ෂීට කතා කෙරුවා පැය විසිහතරෙන් ප්‍රශ්නෙ විසඳනවා. එතුමාගේ අන්තර්ජාතික අත්දැකීම්වලටයි, ටෙලිපෝන් එකෙන් කතාකරන්න පුලුවන් දක්ෂතවයටයි ඔක්කොම යටයි.

:       2       13

Neel Thursday, 10 April 2025 04:42 AM

මාර වැඩේ ලංකාවට සහ ලෝකයට උනේ. යන්තම් රටේ අර්ථිකය හරිමගට ආව විතරයි. අපි හැමෝටම වැඩියෙන් වැඩ කරන්න සිද්ධවෙයි ....ඉදිරියට.

:       0       8

හසක Thursday, 10 April 2025 07:33 AM

අලි මොනවද කරයි, අපි තැලෙයි. ට්‍රම්ප්ට ඡන්දෙ දුන්න බහුතරය වුන අධ්‍යාපනය අඩු බයියන්ට ලෝකෙ පෙරලුනත් කමක් නෑ. ලංකාවෙ වගේම එහෙත් ඒ කට්ටිය ඉන්නවා.

:       1       16

PRIYA Thursday, 10 April 2025 08:22 AM

මේ යකා පිස්සෙක්

:       0       9

ජිල්බු Thursday, 10 April 2025 11:18 AM

උදේම ගෙදරට සාමය උදාවුනාද?

:       0       7

de silva Thursday, 10 April 2025 08:30 AM

පිස්සෙක් රජ වුනහම ඔය වැනි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් , කලබල වෙන්න එපා ඕව තාවකාලිකය

:       1       11

Rifan Thursday, 10 April 2025 09:03 AM

චීනය අද සිටින තැනට අපේ රට එන්න තව කොච්චර කල් යයිද?. ඒ වෙනකම් ජාතියක් ලෙස අභිමානයෙන් ජීවත් වීමට නොහැකි අතර ලෝක බලවතුන්ගේ උද්දච්චකම් බලා සිටීමටත් ඔවුනට අවනත වීමටත් සිදුවනු ඇත.

:       0       9

ravin Thursday, 10 April 2025 09:31 AM

ඔන්න මං දැක්කා ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍ය තියෙනවා ලොව සියලු රටවල් ඇමෙරිකාවට ගරු කෙරුවත් චීනයට එසේ නොකරනවා කියලා කියනවාලු... කවුරු කවුරුත් දැනගත්ත යුතුවන්නේ හැමෝටම ආත්ම ගරුත්වයක් තියනවා කියලා

:       1       7

ලක්මව් ඛන්නාThursday, 10 April 2025 10:45 AM

අලි බොරුවක්. අපේ ආණ්ඩුවල හිටියද ආත්ම ගරුත්වයක් තියෙන එක්කෙනෙක්වත් !

:       0       14

සිල්වා Thursday, 10 April 2025 02:01 PM

ඇමරිකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදනය වන්නේ විනාශකාරී අවි... එම අවි ආයුධ වැඩි වැඩියෙන් සෙසු රටවල් මිලදී ගැනීම් කළා නම් ඇමරිකාව සංසුන් වනු ඇත.

:       0       2

බකල ජයාThursday, 10 April 2025 04:16 PM

අවුරුද්දට පත්තු කරන්න පුළුවන් ඒවා තියෙනවාද? දහයක් පහළොවක් ගන්න ඕනෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site