IMG-LOGO

චීනයේ සිට පැමිණි 141 ක් ගෙදර යවති

(ටී.කේ.ජී.කපිල )
 
චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ තිබේ .
 
ඔවුන් අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද වන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
 
අද (02 )  ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් වන අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 63 ක් සහ අලුයම 5.40 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් 77 ක් ද ඊයේ (01)  රාත්‍රී 8.45 එයා චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි  සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද  සියලුම  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි .
 
ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පරීක්ෂා කර කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොවූයෙන් , ඔවුන්ගේ  නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.



අදහස් (7)

චීනයේ සිට පැමිණි 141 ක් ගෙදර යවති

ලුම්බිණි Sunday, 02 February 2020 08:23 AM

දවස් 14ක් බලන්න ඕන නැද්ද?

:       0       102

RD Sunday, 02 February 2020 08:29 AM

ඔවුන්ව දින 14 චොරින්ටින් කළ පසු ගියාට ප්‍රශ්නයක් නැහැ... නමුත් දැන් ඔවුන් කී දෙනෙක් අාසාදනය වෙලාද දන්නේ නැහැ.

:       0       130

Akila Sunday, 02 February 2020 08:42 AM

රෝග ලක්ෂණ මතුවෙන්න දවස් 14 යනවනේ..., අඩුම ගානේ මේ ගොල්ලන්ට දවස් 14ක් යනකන් මුඛ ආවරණ දාගෙනවත් ඉන්න කියන්න. (ලෙඩේ තිබ්බොත් අනිත් අයට බෝවෙන එක අඩු කරන්න..)

:       0       87

gamage Sunday, 02 February 2020 09:11 AM

සියලු දේ මාකටින් සඳහා පමණි.. විද්වතුන් රඟපාන අතර, නළුවන් විද්වතුන් මෙහෙයවයි.

:       0       60

rohana kumara mendis Sunday, 02 February 2020 09:39 AM

එහෙනම් තව කට්ටියක් මොකටද අර දියතලාවේ යැව්වේ සති දෙකකට කියලා...

:       1       65

සමන්තMonday, 03 February 2020 10:43 AM

දියතලාවට යැව්වේ කොරෝනා ආසාධිත ප්‍රදේශවලින් ආපු ළමයි මිසක් ෂැන්හයි, බීජිං වලින් ආපු අය නෙමේ... චීනය කියන්නේ ලොකු රටක්.. දෙකෙළවරට යන්න දවස් ගාණක් යනවා..

:       0       0

පිටිගල මිලානෝ Sunday, 02 February 2020 12:02 PM

මොකක්ද මේ රටේ ප්‍රමිතිය? ගුවන් යානයක් යවා ගෙනාපු 33 දෙනා ගෑස් මුහුණු දාලා අඬබෙර ගහලා හමුදා කඳවුරකට යැව්වා. රටට බරක් නොවී චීනෙන් ආපු වීර ළමයි හොරෙන්ම ගෙවල්වලට යැව්වා. හේතුව, ආණ්ඩුවට ඒ අයගෙන් වීර නාටකයක් පෙන්නන්න බැරි නිසා සහ ප්ලේන් යවලා කරපු වීරකම බින්දුවට බහින නිසා.

:       28       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 230 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 576 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site