
‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන Human metapneumovirus (HMPV) වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.
මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පැතිර යෑමට පටන් ගෙන ඇත. රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ද පවතින බව පැවැසෙයි. තහවුරු නොවුණත් ලැබෙන වාර්තා අනුව, මෙම වයිරසය ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් 19 ඇතුළු වයිරස කීපයක් මිශ්‍රවී නිර්මාණය වූ නව වයිරසයක් යැයි බියක් පවතී.
කෙසේ නමුත් වයිරස ව්‍යාප්තියක් ගැන චීන සෞඛ්‍ය අංශ මෙතෙක් කිසිවක් පවසා නැත.
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඩේලිමිරර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයිරසය ගැන ප්‍රවුර්ති අන්තර්ජාලයේ හොයලා බලපුවාම ඉන්දියාවේ පුවත් ආයතන පමණයි. මේ ගැන මහා හඩක් නගන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රවුර්ති ආයතන කිසිවක් මේ ගැන ලොකු කලබලයක් හෝ හඩ නැගීමක් නෑ. අරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ලවෙනවා කියමින් අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ දමන්නට කවුරුන් හෝ කළා මෙන් චීනයේ ආර්ථිකය කඩා දමන්නට කරන බියගැන්වීමක්ද කියලත් සොයා බලන්න ඕනේ. HMPV කියන වයිරසය අලුත් එකක් නොවෙයි. ඒ ගැන අන්තර්ජාලයේ පෙර සිටම තොරතුරු තිබෙනවා...
අපෝ! අපි නම් ඔය වයිරස් වලට බය නැහැ. ඒ කාලේ කොවිඩ් වලට හදපු පැණියක් අපි ළඟ තියනවා. ඒක බිව්වාම ඔය කියන කිසිම වයිරසයකින් අපිට හානි වෙන්නේ නැහැ. ඒ වුණාට කෝකටත් කියලා සෞඛ්‍ය ඇමැතිතුමා ගඟකට මුට්ටියක් දෙකක් අත හැරියා නම් හොඳයි. ඒ විතරක්ද..., දැන්මම ඉඳලා හෝටල් නිරෝධානයට ලැහැස්ති කරලා, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ගානක් කඩා ගන්න සැලසුම් කලොත්, නරකද? මුදල් අතේ නැති ශ්‍රී ලාංකිකයින්ට මේ රට වහලා එහෙටම වෙලා ඉන්න කියන්නත් පුළුවන්. ඇන්ටිජන් කට්ටලෙන් ගාන අතට එන එක ගැන හීන මවනවා ඇති අර හාදයා...
ඖෂධ නිෂ්පාදකයින් පොහොසත් කිරීම සඳහා, මිනිසා විසින්ම නිර්මාණය කරන වෛරස ඕවා...
දෙරණ දිලිත් ජයවීර නම් දැනටමත් ලැස්තිවෙලා ඇති හොර ගේම්වලට. මතකයිනේ ගියපාර කරපුවා..!
මම අවුරුදු දාසයක් විතර චීනයේ උතුරු ප්‍රදේශය ඉන්නේ. මෙහෙම කියන තත්ත්වයක් නෑ. සාමාන්‍යයෙන් චීනයේ මේ කාලයේදී සෙම රෝගවල කිසියම් වැඩිවීමක් තියෙනවා. මෙය ඉන්දියානු පහත් මාධ්‍ය වලින් ප්‍රකාශ වන කුමන්ත්‍රණයක්...