ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම පුවත්පත සමාව අයැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනකු පිටුවහල් කිරීමට චීන රජය පියවර ගෙන ඇත.
චීනය ‘‘ආසියාවේ රෝගී මිනිසා (රියල් සික් මෑන් ඔෆ් ඒෂියා)’ යන සිරස්තලය යටතේ ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් පුවත්පත තීරු ලිපියක් පළ කර තිබිණි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වර්ගවාදී ලිපියක් පළ කර ඇති ද චීන ජනතාව එවැනි ප්‍රකාශ පිළිගන්නේ නැතැයි ද චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
පෙබරවාරි 3 වැනිදා මේ ලිපිය පළ වී තිබෙන අතර එම ලිපියෙන් චීනය කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට ගන්නා උත්සහාය අපහාසයට ලක් කර ඇතැයි චීනය චෝදනා කළේය. එම ලිපියෙන් චීනය වර්ගවාදී පිළිවෙත් අනුගමනය කරන බවට ද චෝදනා කර ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
එම පුවත්පත මේ දක්වා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට හෝ වගකිව යුත්තන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හෝ අසමත්ව ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කළේය.
‘‘චීන ජනතාව වර්ගවාදී ප්‍රකාශ හෝ චීනය සම්බන්ධයෙන් කෙරෙන ද්වේෂ සහගත ප්‍රකාශ පිළිගන්නේ නැහැ’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෙන් ෂුවාන්ග් පැවැසීය.
චීන විදේශ අමාත්‍යාංශය මාධ්‍යවේදීන් තිදෙනා කවුදැයි සඳහන් නොකළ අතර ඔවුන්ට ලබා දී තිබූ මාධ්‍ය හැඳුනුම්පත් ද අහෝසි කිරීමට පියවර ගෙන තිබිණි.
චීනයේ නියෝජ්‍ය ප්‍රධානී ජොෂ් චින්, වාර්තාකරුවන් වන චාඕ ඩෙන්ග් සහ පිලිප් වෙන් යන තිදෙනාට දින පහක් ඇතුළත චීනයෙන් පිටවන්නැයි නියෝග කර ඇතැයි වෝල් ස්ට්‍රීට් පුවත්පත සඳහන් කළේය .
ජොෂ් චින් සහ චාඕ ඩෙන්ග් ඇමෙරිකානු පුරවැසියන් වන අතර පිලිප් වෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි .
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ද නිවේදනයක් නිකුත් කරමින් චීනය ගත් මෙම ක්‍රියාමාර්ගය හෙළා දැක තිබිණි .
‘‘නිදහස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන බව සහ මත පළ කරන බව පරිණත, වගකීම් සහගත රටවලට තේරෙනවා. වඩාත් නිවැරැදි ක්‍රියාමාර්ගය විය යුත්තේ අදහස් පළ කිරීම සීමා කිරීම නෙමෙයි , කළ යුත්තේ ඒවාට ප්‍රතිඋත්තර සැපයීම’’ යැයි මයික් පොම්පෙඕ නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
චීනයේ විදෙස් වාර්තාකරුවන්ගේ සංසදය ද මෙම ක්‍රියමාර්ගය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තා කරන්න ඉඩදුන්නට අපහස කරන්න ඉඩදෙන්න හොඳ නැහැ. ආපදාවකදී වත් අචාර ධර්ම දන්නේ නැති බාහිර අන්තවාදීන්ට ඒ විදිහට තමයි සලකන්න ඕනේ.