IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


චන්ද්‍රිකා වනසන සර්ප රොබෝවක් චීනය නිපදවයි

ඉලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකාවලට අභියෝගයක් වන චන්ද්‍රිකා නාශක රොබෝ අවියක් චීනය නිපදවා ඇත.

මෙම රොබෝ අවිය සර්ප හැඩරුවක් ගන්නා අතර සර්පයෙක් ක‍්‍රියාකරන ආකාරයට ක‍්‍රියා කරයි.මෙම සර්ප රොබෝ චන්ද්‍රිකා නාශක අවිය සතුරු චන්ද්‍රිකා විනාශ කිරීමට මෙන්ම චීන චන්ද්‍රිකා ආරක්ෂා කිරීමටත් හැකියාව පවතින බව විශ්ලේෂකයෝ පවසති.

ගගනගාමීන්ට හෝ අභ්‍යවකාශ යානාවල ඇති රොබෝ අත්වලට ළඟා විය නොහැකි ඕනෑම අවකාශයකට යාමට මෙම සර්ප රොබෝ චන්ද්‍රිකා නාශක අවියට හැකියාව තිබේ.

මෙම රොබෝවට හානිකර චන්ද්‍රිකා ග‍්‍රහණය කරගැනීමට හැකියාව තිබෙන අතර පිඹුරකු ගොදුරක් වෙලාගන්නා සේ වෙලා ගන්නා අතර එහිදී වෙලා ගන්නා කුඩා චන්ද්‍රිකා මිනිසකුගේ ඇටකටු පොඩි කරන්නා සේ පොඩි කර විනාශ කිරීමට හෝ කුඩා චන්ද්‍රිකාවක්,විශාල වස්තුවක් ගමන් ගන්නා මග වෙනස් කිරීමට,තිබෙන තැනින් වෙනත් තැනකට රැගෙන යාමේ හැකියාව තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

අභ්‍යවකාශ යානයකට සම්බන්ධ වන මීටර් 1.5 (අඩි 5) දිග සර්ප රොබෝ යන්ත‍්‍රය එක අතක් කොටස් නවයකින් සමන්විත වන අතර, ඒ සෑම කොටසකින්ම නිව්ටන්-මීටර් 190 ක බලයක් ජනනය කළ හැක.එය අශ්ව බල 1200 එන්ජිමක් සහිත හාලි ඬේවිඞ්සන් බයිසිකලයක යෙදෙන බලය මෙන් දෙගුණයකි.

මෙම සර්ප රොබෝ කිසිම විටකත් අවියක් ලෙස භාවිත නොකරන බව චීනය පවසයි.තම චන්ද්‍රිකා ආරක්ෂා කිරීමටත්,අලූත්වැඩියා කටයුතු කිරීම සඳහාත් මෙම සර්ප රොබෝ භාවිතා කරන බව චීන බලධාරීහු පැවසූහ.

(විමුක්ති එස් රුද්‍රිගු අන්තර්ජාලය ඇසුරෙනි)



අදහස් (0)

චන්ද්‍රිකා වනසන සර්ප රොබෝවක් චීනය නිපදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site