IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකා මුලතිව් වැඩකට අත ගසයි

(අංජුල මහික වීරරත්න)

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දීමෙි වැඩපිළිවෙළක් අාරම්භ කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කීවාය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සහ අවායා ආයතනය ඒකාබද්ධව සංවිධායනය කරන පාසල් දරුවන් පෝෂණය කිරීමේ වැඩසටහන යටතේ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් වන තෙන්නියකුලම් දෙමළ විද්‍යාලය සහ තෙරාවිල් දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණය කටයුතු සඳහා හිටපු ජනාධිපතිනිය සහභාගී වූවාය.

එහිදී එම පාසල් වල ක්‍රීඩා පහසුකම් සංවර්ධනයට මෙන්ම ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඵදායීතාව ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ද ආරම්භ කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කීවාය.



අදහස් (7)

චන්ද්‍රිකා මුලතිව් වැඩකට අත ගසයි

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 13 May 2023 07:57 PM

මේ විස්කි ආච්චි ආපහු බැහැලා තියෙන්නේ මොන ජල්ලියකටද? 1994 ඉඳන් 2002 කාලේ රට කාබාසිනියා කරපු චෞර රැජිණ. මේක දායිද කියලා සැකයි. මොකද පාඨක අදහස් කිව්වාට එයාලා කැමැති එක තමයි දාන්නේ...

:       15       88

sukitha Saturday, 13 May 2023 08:08 PM

හොඳක් කලත් හේතුව යටි හිතේ වෛරය...

:       16       20

දාස Sunday, 14 May 2023 04:52 AM

වික්ටර් අයිවන් චෞර රැජිණ කියල පොතක් ගැහුවා. හැබැයි රටම හොරා කාලා හපයක් කළ ලංකාවේ මෙතෙක් පහළ නොවුණු රාජපක්ෂ හොර නඩේ ගැන පොතක් ලියන්න තාම බැරිවුණා. දැන්වත් ඒ පොත ලියන්නට පටන් ගත්තා නම් හොඳයි... අයිවන් ළමයෝ.

:       0       1

Indika Sunday, 14 May 2023 05:14 AM

හැම දේකටම තමන්ගේ දේශපාලන මතවාදය අනුව comments දාන දේශපාලන වහලුන් නිසා තමයි රට මෙච්චර පල්ලෙහාට වැටිලා තියෙන්නේ. හොඳ දේකට හොඳයි කියලා කියන්නත් ලෝභයි... මුලතිව් මේ පාසල් වලට LTTE එකෙන්වත් නායකයෙක් ගිහින් කොහොමද කියලා අහලා නෑ.. ඒ මිනිස්සුන්ට මේ ගමනත්, ලැබුණු දේවලුත් ගොඩක් වටිනවා.

:       0       1

කිරිපුතා Sunday, 14 May 2023 08:58 AM

දෙමළ මිනිසුන් රවටලා ඒ ඡන්ද ටික ගන්න වෙන්න ඇති කල්පනාව...

:       1       0

dilip Sunday, 14 May 2023 10:15 AM

කවුරු කළත් හරිදේ අගය කරමු... වැරැදි දේ විවේචනය කරමු...

:       0       1

Bunny Preena Monday, 15 May 2023 10:08 AM

අහිංසක, අසරන මිනිසුන්ට උදවු කරන එක බොහොම ඉහලින් අගය කල යුතු කුසලයක්. ඇපි මැරුනට පස්සෙ යාන වාහන, දේපොල, මිලමුදල් බැංකු පොත් ඔක්කොම හැරදාල, මිනියට අන්දන ඇදුම විතරයි අපිත් එක්ක පොලොවට යටවෙන්නෙ. අපි කරපු හොඳ නරක තමයි ටික කාලෙකට හරි කතාබහට ලක් වෙන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site