ඇමෙරිකාවත් චීනයත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමත් වූහ. ඒ, ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාර්ථක සාකච්ඡාවලින් පසු ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයෝ කණ්ඩායම යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ.

ජනාධිපති ට්‍රම්ප්, චීන සංචාරයට පැමිණියේ ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම්වල ප්‍රධානීන් ද පිරිවරා ගනිමිනි. ක්ෂේත්‍ර ගණනාවකට අදාළව වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබීම ද සිදුවිය.

චීනයේ ආර්ථික ඇමෙරිකාවට විවෘත කරන්නැයි ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් ද කළේය. චීනය බෝයිං සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසුවේය.