
(මනෝප්‍රිය ගුණසේකර)
මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.
මතභේදයට තුඩු දී ඇති මෙම චීන පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් අතර අද (08) පැවැති සාකච්ඡාවේදී මේ බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව මහාචාර්ය උදිත් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අදාළ පොහොර තොගය ලංකාවට එවු චීන සමාගම නීතීඥ එම්.ජේ.එස්. ෆොන්සේකා මහතා මාර්ගයෙන් ලංකා ශාක නිරෝධායන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දියක් ඉල්ලා ඇති පසුබිමක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් මෙලෙස සාකච්ඡා පවත්වනු ලැබීය.
ශාක නිරෝධායන ආයතනය තම සමාගමේ පොහොර සාම්පල තුළ තිබී අර්වීනීයා නමැති බැක්ටීරියා සොයා ගත් බව පැවසීම සත්‍යයෙන් තොර බව පවසමින් එම කරුණ ප්‍රතික්ෂේප කරන චීන සමාගම ශාක නිරෝධායන ආයතනය සත්‍යයෙන් තොර වාර්තාවක් පළ කිරීම හේතූවෙන් තම සමාගමට ඉමහත් අපකීර්තියක් වු බව කියමින් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දිය ඉල්ලා ඇත.
මෙවන් පසුබිමක් යටතේ පැවැති සාකච්ඡාවේදී මතභේදයට තුඩුදී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ බලධාරීන් විසින් චීන තානාපති නිලධාරීන්ගේ අවධානයට ලක් කොට ඇත.
ලංකා ශාක නිරෝධායන ආයතනය ගන්නා ලද තීරණය හේතූවෙන් අදාළ පොහොර තොග ලංකාවට ගොඩබෑමට ඉඩ ලබාදීමට හැකියාවක් නැති බව චීන තානාපති නිලධාරීන් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවේදී ඔවුන්ගේ අවධානයට ලක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්්‍ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බලවතුන්ගේ බලපෑම්වලට නැමෙන්නේ නැති අපේ විද්වත්තු ආරක්ෂා කරගනිමු..
යන්තම් චීන රජය දෝෂාරෝපණයෙන් නිදහස් වුණා. ඒකත් එකටම මේක බලෙන් හෝ නියමිත ක්‍රමයෙන් බැහැරව පටවන්න කියල ලංකාවේ සිටින අතයට ගනු දෙනු කාරයා උපදෙස් දෙන්න ඇති. කාගෙ කාගෙත් වචනවලින් මේ හදිසි හස්තය සොයාගන්න බැරිකමක් නෑ. ජනතාව අවදියෙන් නොසිටින්න මේ රට කාබනික කොහොම වෙතත් අපායක් කරන්න මේ අය පැකිලෙන්නේ නෑ.
මේ දහජරාවල් අපේ රටට ගේන්න වෙන තැනට තකතීරු තීරණ ගත්තෙත් මුන්දැලම තමා...!
මේ කොමියුනිස්ට් සමාජය බිහි කරන්න කැපවූ චීනයේ යථා ස්වරූපය. අපේ රට මුන්ට විකුණා කොමිස් කෑ උන්ට ශාප වේවා.උන්ගේ දරු මුනුපුරු පරම්පරා පිටින් විනාශ වේවා.
විදේශයකින් පැමිණි පොල්කුරුමිනියා අපේ රටේ පොල්වගාවට, කොරෝනා වයිරසයට, ඩෙංගු මඩුවා කල විනාශය සහ දැනට කරන විනාශය අමතක කරන්න එපා.
දේශපාලුවෝ හොර රහසේම අදාල සමාගමට මහජන බැංකුව වෙනුවට ලංකා බැංකුවෙන් හරි මුදල් ගෙවාවී.
ඔව් මට දැන් පෙනී යනවා මේ මහල්ලන් තව වැඩි කාලයක් පුටුවේ ඉන්න එකක් නැති ලකුණු පහල වෙමින් පවතිනවා
නටපු නටමකුත් නැත බෙරේ පලුවකුත් නැත.
නඩුනම් ඉතින් අහල ඉවර වෙනකන් නැව උසාවියෙ යාඩ් එකේ පාක් කරන්න. නැවත් පෝර වෙලා තියේවි.
ලෝකයේ හුඟාක් රටවල, පැලවෙන පැළයක් හෝ ගෙනියන්න තහනම් රටකට ආවේණික නොයෙක් දේ එමගින් ආරක්ෂා වෙන නිසා, විදේශයෙන් චීනයේ හැදෙන පොහොර මේ රටට ගේන්න උත්සාහ ගැනීමෙන් අපේ රටේ වගාවත් විනාශ කරන්න හොඳ අවස්ථාවක්..., දේශපාලකයින් මේ සැරේ කන්න හදන්නේ ඒ සාරවත් පොළව...