
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (1)පැවසීය.
මේ සම්බන්ධව ගත ගත යුතු පියවර පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන තිබෙන අතර නුදුරේදීම ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මේ ප්‍රශ්නය පිළිබඳ වැඩිදුර සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මුදල් නාස්ති කරන්න දෙන්න බැහැ .වහාම අසූචි ගෙන්වීම කල අයගෙන් ,කාබනික පොහොර ප්‍රවර්ධන දෙතුන් දෙනාගෙන් සහ ගෙවීමට බලය දීම අනුමත කල හා ගෙවීම් කල අයගෙන් එම මුදල් ක්ෂනිකව අයකිරීම කරන්න
අනේද කියන්නෙ ගෙවපු මුදලක් චිනය ආපහු දෙයිද? - අර උපදේසකයො කියලා තවත් හෙන්චඉයො කිපදෙනකුට කොටි ගානක් කපා ගන්න පාර හදලා දීලද කොහෙද?
මෙම දූෂණයට වගකිවයුතු මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගත යුතුයි
අමතිතුමො ඔයගෙ ඔලුවෙ දෙපැත්තෙන් පොඩ්ඩක් අතගාල බලන්න මොනව හෝ උල් දෙකක් එමින් තියෙනවද කියල. එ වගෙම කොන්ඩෙ ටිකක් වවල බදින්න බලන්න. ඔව ගිහින් කියන්න බයියන්ට.
නන්දසේනගෙන් අයකරගන්න බැරිද?
කව්රුත් දන්නවා බාරනොගත්තු මෙම පොහොරට අනවශ්‍ය අන්දමට අසාධාරණ ලෙස මුදල් ගෙව්වයි කියලා. ඉතින් මොකට මෙහෙම විශේෂඥ කමිටුවක් පත් කරන්නේ? කමිටු පත්කරලා සහ නීතිපති උපදෙස් අරන් මොනවා කරන්නද? මේ මහින්ද අමරවීරට උපරිම කළ හැක්කේ කමිටු පත්කරන එක සහ වාර්තාව ඉල්ලන එක පමණයි. අර චමල්, මගීපාලලාගේ ගෙවල්වල ඉඳන් අහුවුණු පොහොරවලටත් සහ මේ දවස්වල සිදුවන පරිසර විනාශවලටත් මෙයා වාර්තාව ඉල්ලුවා. මොනවද වුනේ?
කොමිස් ගහපු අර අහවල් දේවාලයෙන් ගසා කාපු එක්කෙනා හොදින්ම දන්නවානෙ? මෑන්ස්ට කියන්න මුලු මුදලම ආපහු ගෙවන්න කියලා. මුලු පවුල ලංගම හොරාකාපු සල්ලි තියනවා.
බොරුවට ඉල්ලල පස්සෙ කොමිස් එකක් කඩා ගන්න නේද මාන බලන්නෙ.