(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් එල්ල කළ බවට කරන චෝදනාව ඉතාමත් වගකීමෙන් යුතුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණ වී තිබීම නිසා ඒ මහතාට ඕනෑම මාධ්‍ය ආයතනයක විවෘත සාකච්ඡාවකට ආරාධනා කරන බවත් සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
තුෂාන් ගුණවර්ධන මහතාට තමන් කිසිඳු ආකාරකින්වත් බලපෑමක් නොකළ බවත් ඔහු ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණ අසත්‍ය යැයි ඉතාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.
ගිවිසුම් කීපයක් අස්සන් කිරීමේදී බලපෑම් එල්ල වූ බවට ඒ මහතා මාධ්‍යවලට පවසා තිබූ බවත් කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමේදී අදාල සමාගම් සමඟ පාරිභෝගිකයන් ආරක්‍ෂාකරගැනීම සඳහා එළඹි කරුණු පිළිබඳව එතුමාට විවෘත සාකච්ඡාවකට පැමිණිය හොත් කරුණු ඉදිරිපත් කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා කීය.
රාජ්‍ය නිලධාරියකුට ජනමාධ්‍යට කරුණු ඉදිරිපත්කිරීමට නොහැකිව තිබියදී ඒ මහතා පසුගිය මාස හයක් තිස්සේ ජනමාධ්‍යයට අදහස් දැක්වූ බවත් අමාත්‍යවරයා ලෙස මා කළේ යැයි කියන බලපෑම් මොනවාදැයි රටේ ජනතාව දැනගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරිය තුළ විධායක අධ්‍යක්‍ෂ යැයි තනතුරක් නොමැති මෙන්ම තුෂාන් මහතා දේශපාලන පත්වීමක කටයුතු කළ බව පැවසූ අමාත්‍යවරයා තමා රාජ්‍ය අමාත්‍ය ධූරය බාරගන්නා විට සිටි මෙම නිලධාරින් වෙනස්කිරීමකින් තොරව වැඩ කරගෙන ගියා බව ද සඳහන් කළේය.
තුෂාන් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (21) පෙවරුවේ බාරගත් බව කී අමාත්‍යවරයා පැවසුවේ හිටපු කාලය සම්බන්ධයෙන් ස්තූතිය පළකර අසත්‍ය මත පළ කිරීම පිළිබඳව කණගාටුව පළකර ලිපියක් යොමු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ කියන්නේ මේ වගේ වෙලාවට ඇමැතිලා නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ...
ඇමති තුමා කියන ආකාරයේ මාධ්‍යයට විවෘත සාකච්ඡාවක් තුළින් වැරදි කවුරුන් ද යන්න තීරණය කළ නොහැක. අවශ්‍ය වන්නේ විනිවිද පෙනෙන අපක්ෂපාතී විමර්ෂණයක් කර වැරදි කවුරුන් දැයි සොයාගෙන වැරදි කරුවන්ට සුදුසු දඩුවම් දීමයි.
අපි නොදන්න දේශපාලුවෝ . ජොනී සතොස කාපු හැටිත් අපි දන්නවා.කතාව නම් සුද්වන්තයෝ වගේ.
බූරුවා
මේ මහත්තයා මේවා කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයිනේ. ඉතින් ඇමැතිලාට පුළුවන්නේ චරිතය ඝාතනය කළා කියලා නඩුවක් දමන්න. එහෙම වුණොත් පුළුවන් හොරු අල්ලන්න.
සියලුම පක්ෂවල ඉන්නා දේශපාලුවන් යනු තමන් උපන් රට කාබාසිනියා කරන මහා කාලකන්නි ජාතියකි. සියලුම දේශපාලුවන් යනු හොරකම්, මැරකම්, බලුවැඩ, තක්කඩි වැඩවලට මහාචාර්ය උපාධි ලබා ඇති පිරිසකි. මේ අය මැරෙන්නේ අපාදුක් විඳලයි.. දැන් සුද්දවන්තයා ලෙස උඩුබුරන විපක්ෂේ බූරුවන් මෙන්ම දැන් පට්ටියේ බලයේ ඉන්න බූරුවන්ටද මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා..!!!
මේ ආණ්ඩුවේ කරේම ජනතාව නොමග යැවීම විතරයි.
යහපාලනයේ රජය කාලෙත් ඇමතිකම් අරගෙන ඔය ටික තමයි කළේ...
මෙයා ගැන ගොඩක් අය දන්නවා.
මම ගියේ නිට්ටඹුවේ සංඝබෝධියේ. ඇත්ත තමයි අපේ විදුහලේ ආදී ශිෂ්‍යයෙක් කියලා කියන්න ලැජ්ජයි.
අපට තවදුරටත් මේ දේශපාලනඥයන් විශ්වාස කළ නොහැක. ගුණවර්ධන මහතා කියන දේ පිළිගත යුතුයි.
තුෂාන් ගුණවර්ධන මහතා ඔන්න බෝලේ ඔබේ කෝට් එකේ ඔහුගේ අභියෝගය බාරගෙන කරුණු ඉදිරිපත් කරන්න