(දයාසීලි ලියනගේ)
පළමු වන ශ්‍රේණියේ පන්තියක් සඳහා තෝරාගත යුතු සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබාදී ඇති චක්‍ර ලේඛ උපදෙස් නොසලකා හරිමින් 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සිසුන් 16,036ක් ප්‍රධාන පාසල්වලට ඇතුළත් කර ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබේ.
වර්ෂ 2017 දී ජාතික පාසල් 109කට සිසුන් 6,337ක් ද, 2018 දී පාසල් 73කට සිසුන් 3,339ක් ද, 2019 දී පාසල් 81කට සිසුන් 6,366ක් ද, ඇතුළත් කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය 2019 වර්ෂය සඳහා නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
ජාතික පාසල්වල අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත් කැඳවමින් 2019 දී දැන්වීම් පළකර තිබූ අතර, පුරප්පාඩු නොතිබුණ ජාතික පාසල්වලට සිසුන් 428ක් ඇතුළත් කර තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
පුරප්පාඩු නොතිබූ පාසල්වලට සිසුන් ඇතුළත් කර තිබූ ආකාරය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට සාධාරණයක් කරන්න...
ඒකනේ සුපිරි පාසල් කියන්නේ... අපේ ගමේ පාසලට මේ වසරේ 1වන වසරට කිසිම ළමයෙක් ඇතුළත් වුණේ නැත..
චක්‍රලේක විහිලුවක් වෙලා. විගණනයත් විහිළුවක් වෙන්නයි යන්නේ... මේවාට නිසි දඩුවම් නොදුන්නොත්.
මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් පාසල අසල දරුවන් අසාධාරනයට ලක් කරමින් දුර ළමුන් ඇතුළත් කර ගැනීම දේශපාලකයන් සමග සුසංයෝගයෙන් විදුහල්පතිලා කරනවා. ආදි ශිෂ්‍ය සංගම් මෙයට ආවඩනවා. අවාසනාවන්තම කාරණය අසාධාරණයට ලක්වන අය සුදුසු ලෙස විරෝධතා ඉදිරිපත් කරමින් මෙයට විරුද්ධව කටයුතු කිරීම සඳහා යොමු වන්නේ නැහැ. එසේ විරෝධතා නොවන විට මෙයට නිලධාරින්ට මැදිහත් වීමට චක්‍රලේඛයේ කිසිම ප්රතිපාදනයක් නැහැ...
ඕවා සල්ලිවලට ගත්ත ඒවා. අපිත් දාගත්තා ලේකම්තුමාගේ ලියුමකට. සල්ලි වලට මිනීත් නැගිටලා එනවා ලංකාවේ...
මට මතකයි මම ආනන්දෙට යන දවස් වලත් වනාතමුල්ල, සටෝක්වත්ත වගේ පාසැලට ආසන්න ප්‍රදේශවලින් ළමයෙක් මගේ පන්තියෙ හිටියෙ නෑ කියලා. කර්නල් රාජපක්ෂගේ කාලේ....
රංජන් ඔබ අවාසනාවන්තයි..