(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව- එගොඩ උයන ප්‍රදේශයේ අත්හැර දමන ලද ලී මෝලක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පුළුස්සා දැමීමටත් ගත් උත්සාහයක් අද(24) අලුයම ව්‍යර්ථ වී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.
ලී මෝලේ ගින්නක් දුටු සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර ඔවුන් ගින්න නිවීමට පැමිණීමේදී ඒ අසළ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයට පැමිණ පලාගොස් ඇති බවද, ඒ පසුපස හඹා ගිය ලී මෝල් හිමිකරුගේ පුතුව එම මෝටර් රථ රියදුරු අනතුරකට ලක් කර ඇති බවද පොලිසිය පවසයි.
ගින්න ඇති වූයේ මළ සිරුර පුළුස්සා දැමීමට කරන ලද උත්සාහයක් නිසා බව හෙළි වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මහරගම නාවින්න පදිංචි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.
ඔහු 51 හැවිරිදි දෙදරු පියෙකු බවද හෙළි වී ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මෝටර් රථය කහතුඩුව වෙනිවැල්කොප දෙල්ගහ ඇළට දමා තිබියදී කහතුඩුව පොලිසිය සොයා ගෙන ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ රටට වෙන්නේ? හැම තැනම ඝාතන, බෝම්බ සහ ආයුධ මත්වෙනවා. කුඩු කිලෝ සිය ගණන් අහුවෙන්නේ. රජයට බැරිද මේවා පාලනය කරන්න. රජය හිතන්න ඕනේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාව ගැන. මෙහෙම ගියොත් ඉන්න උගත්තු ටිකත් රට දමලා යනවා. මොන ආයෝජකයද මෙහෙම වෙනකොට මේ රටට එන්නේ?
සෙනරත් මහත්තයෝ, රජයට කරන්න පුළුවන් කමක් නැහැ රටේ මිනිසුන් කරන අපරාධ නතර කරන්න. අපරාධකරුවන් අල්ලලා නඩුපවරන්න දඬුවම් කරන්න පුළුවනි. අපේ ජන සමාජය හොඳටම පිරිහිලා. ආණ්ඩුත් එහෙමයි. ඔක්කොම යන්නේ මහා ලොකු ප්‍රපාතයකට. ඔහේ කියන විදිහට නම් හැම ගෙදරකම පොලිස් ස්ථානයක් දමන්න සිද්ධ වේවි!