(අංජුල මහික වීරරත්න)

බෞද්ධ ගේය කාව්‍ය සාහිත්‍යයට අමිල මෙහෙවරක් කළ රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වූහ.

අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.

බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති, පිහිටක් නැති සරණක් නැති,මේ ඉර හඳ යට,සඳ තරු මල්,සෙනෙහස පුදා, බුදු බණ ඇසුවත් නිරන්තරේ,මේ ප්‍රේම කතා නවතා මොහොතක් ,අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ඇතුළු ගීත ලොවට දිදුලන මිණිකැට රැසක් දායාද කළ සිද්ධාර්ථ හිමියෝ අල්පේච්ඡ ගුණයෙන් අනූන මහ යතිවරයාන කෙනෙකි.

බෞද්ධ සාහිත්‍ය කලාව වෙනුවෙන් ⁣වෙසෙස් මෙහෙවරක් කරන ලද සිද්ධාර්ථ හිමි ගේය කාව්‍ය සංග්‍රහ කිහිපයක්ද පළ කර තිබේ.