(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (17) ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළේය.
තවද දැනට වෙළෙඳපොලේ මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර ඇත.
එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබීය.
ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කරන ලදී.
රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.
දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙසට අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබු අතර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ ලෙස ද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර ඇත.
අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අධිකරණය එය ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.
නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන විසි වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ (16) දින පැවතුණු බව සඳහන් කලේය.
එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු "ප්‍රොපේන්" සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කෙරෙන බව ද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ජනතාවගේ වගකීම් වලින් බැහැරව හැසිරුණු අවස්ථාවක ක්‍රියාකාරීව මැදිහත්වී ජනතාව ගෑස් පිපිරීම් බියෙන් බේරා ගැනීමට පිළියම් සොයන ගරු අධිකරයණයටත්, කොඩිතුවක්කු මහතාටත් ජාතියේ ප්‍රණාමය...
නාගානන්ද කොඩිතුවක්කු..! මෙච්චරද මේ රටේ නීතිඥයින් ඉන්නේ... මේ වගේ රටටම වැදගත් දේකට නඩුවක් දාන්න වෙලාවක් තියෙන කොන්දක් තියෙන කැක්කුමක් තියෙන...
අතුරු නියොග මදි. මොවුන්ව හිරෙ යවන්න ඕනෑ. දරුවන් හතර දෙනෙක්ට අම්මා නැතිකලාට. කාලකන්නි...!
රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට අපගේ ගෞරවය...!!!