
(කාංචන කුමාර ආරියදාස)
සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) දඹුල්ලේ දී පැවසීය.
සහල් පාලන මිලක් නියම කර ගැසට්ටුවක් නිකුත් කළ ද ඒ අයුරින් සහල් මිල අඩු නැතැයි කියමින්, අමාත්‍යවරයා දඹුල්ලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පැවසූයේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක් සිදු නොකරන බවය . එමෙන්ම වත්මන් රජය ගොවියාගේ පැත්තේ සිටගන්නා බවද ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත් වෙද්දී මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පළතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරයා එක් වූයේය.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් සමග අමාත්‍යවරයා මෙහි නිරීක්ෂණය සිදු කළහ.
නිරීක්ෂණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පසුගිය රජයේ අමාත්‍යවරයෙකු වූ හර්ෂ ද සිල්වා මහතා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අතරමඟ නැවතී ඇතැයි චෝදනා කරන බවය .එවැනි අතරමග නැවතීමක් නොමැති බවද පෙන්වාදුන්නේය. පසුගිය රජය මගින් ඉන්දියානු ආධාර මත මෙය ඉදි කිරීම් ආරම්භ කළ ද අතරමග එම රජය විසින් නවතා දැමූ ඉදිකිරීම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නැවත ඉදිකිරීම් ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දියානු මූල්‍ය ප්‍රදානයන් යටතේ ඉදි කෙරෙන මෙම උෂ්ණත්ව සහ සීතල පාලන ගබඩා සංකීර්ණය තුළ දේශීය ලොකු ලූනු සහ දෙහි ගබඩාකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක වන එකක් බවද මෙහි එලවලු ගබඩා කිරීමක් හෝ කල් තබා ගැනීමක් සිදු නොවන බවද මෙය එළවලු කල් තබාගැනීමේ ශිතාගාරයක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම උෂ්ණත්ව සහ සීතල පාලනය කිරීමේ ගබඩා සංකීර්ණය ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට හැකියාව පවතින බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කර සිටි අතර ඒ සඳහා අවශ්‍ය දැනුම ඇති අය සමඟ සාකච්ඡා කිරීමට යන බවද කියා සිටියේය.
COMMENTS
ඔයගොල්ලන්ගේ කරල හැමදාම පැහිලා. මේ වගේ පට්ට හොරු....
ඒ කියන්නේ මුහුදට හත් ගව්වක් තියෙද්දී අමුඩෙ ගහලා තියෙන්නේ.
මේක හරි කතාවක්නේ.. ගොයම් කපනකල් බඩගින්නේ ඉන්න කියලද කියන්නේ...? තමුන්නාන්සේලාට පොන්නි සම්බා හාලවත් ගෙන්නගන්න බැහැ කිව්වා නම් හරිනේ.
ආචාර්ය මහාචාර්ය බන්දුල අයියා වෙතට... "සටකපට" අයියාගේ ආර්ථික ඥාණයට... "සටකපට" ලෙස හසුරුවන මව්බසට... ගොඩ සුද්දන්ද රැවටෙන බව ස්ථිරයි.
අනේ මේ බොරු කියන්නේ නැතිව ඉන්න. හාල් මිල තීරණය කරන්නේ ඔයා නෙවෙයි... ඩඩ්ලි සිරිසේන..
2026 ඡන්දයෙන් පස්සේ තමයි එයාගේ කරල් පැහෙන්නේ කොල්ලෝ...
2500කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කියපු කතාවේ දෙවන කොටස...
සර්.., මොනවද මේ කතා..? කරල පැහෙනකම් පටි තදකරගනිල්ලා... ඔන්න 2/3 රඟේ පටන් ගත්තා ළමයිනේ...
කරුමේ කියන්නේ පාරිභෝගිකයාගේ පැත්තේ හිටගන්ට කෙනෙක් නැති වීමයි. මෙයාගෙත් නිකම් කයිවාරුව විතරයි.
2/3ක් දුන්නා නම් කරල පැහෙනකල් ඉඳපල්ලා කියලද මෙයා කියන්නේ..?
අනේ ඉතිං ඇමති කෙනෙක්නේ...
බාලාංශයේ හිටියේ කවුද? අපිද? ඔබද?
කැපෙන කම් ඉඳලාම ගහන්න තිබුණානේ. ඕක ගැහුවේ මෝදිද? රෙදි ගලවන්නේම ගෙදර අයමයි.
කරල පැහෙන කල් කොහොම වෙතත්, කරල හැලෙන කල් ඉන්න වෙයි මේ බයියන්ගේ කතා අහ අහ...
අර ලංකාවටම හාල් දෙන්නන් කියපු බ්‍රිගේඩියර් මහත්තයාව හොයාගන්න බැරිද? ඒ මහත්තයා කිව්වනේ යුද හමුදාවේ හාල් තියෙනවා කියලා. ඉතින් මොකටද කරල් පැහෙනකන් ඉන්නේ...
ඉතින් මහත්තයෝ කරල පැහුණාම ගැසට් එක ගැහුවානම් හරිනේ... ඇයි ජනතාව රවට්ටන්නේ? බන්දුල ගුණවර්ධන කළේ හැමදාම ජනතාව රැවැට්ටීමයි. පව් 69 ලක්ෂය.
මෙතුමා තකහනියක්ම පොලොන්නරු ගිහිල්ලා හාල් මුදලාලිලා ඉස්සරහා පහුගිය දවස්වල මුව ආවරණ නිකටට පැළඳගෙන දීපු ලොකු ටෝක් එකේ ටේප් එක නැවත ජනතාවට පෙන්නුවොත් හොඳයි. ඒක දැක්කොත් ආණ්ඩු කරන්නේ සර්ද? හාල් මුදලාලිලාද කියලා හිතෙනවා.
හරි එහෙනම් අපි නොකා ඉන්නම්.
මෙයා කිව්වත් කියන්නේ ඔයවගේ කතාවක් තමයි.
69 ලක්ෂයක් වූ බයියන්ටම ගැලපෙනවා.
මමත් මෙයාගේ පන්ති ගියා. ඡන්දෙත් දෙපාරක් දුන්නා. ඒත් එදා කිව්වෙත් බොරු කතාවක්. එකපාරක් 2500ක් අරන් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ගැසට් එකේ මිලට බඩු ගන්න කරල පැහෙනකම් ඉන්න නම් මොන මගුලකටද දැන්ම ගැසට් නිකුත් කළේ. ඔය අඩුකරපු බඩු ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ඒ රජයේ මාධ්‍ය නාලිකාවල... බන්දුලගේ ගෙදර වගේම රජයේ මන්ත්‍රීවරු 150 දෙනාගේම ගෙවල්වල තියෙනවා.
හැම එකකටම නිදහසට කරුණු තියෙනවා.
කරල පැහුණාට පස්සේ ගැසට් කළාම හොද නැද්ද?
කල් වැඩි නැද්ද ගැසට් එක ගහන්න... ? නමක් නැහැ අපි රැවටුණා කියලා හිතාගන්නකෝ...
අපේ බන්දුල සර් දැන් කියන කරන කිසිම දෙයක් හරි යන්නේ නැහැ වගේ... ළගදීම අපේ ලොකු සර් ගෙන් වෙවැල් පාරක් කනවා පිටෙ තෙල් ගාන්න.
මෙ වගේ අයටත් ඡන්දෙ දෙන හරක් ඉන්නවනේ...
‘කරල පැහෙනකම්‘ තදකරගෙන උඩ බලාගෙන ඉඳිමු කියලද මේ ආචාරියා කියන්නේ..? කරල පැහෙනකම් සමහර අයට නම් හොද්ද බොරවෙන බව නම් පෙනෙනවා. මේ උන්නැහේම නේද 4 දෙනෙකුට මාසෙකට රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියලා පාරම් බෑවේ... මෙහෙම ගොන් කතා කියවන්න ගියොත් කොරෝනාවෙන් මැරුණු අයට වඩා ..., හාමතින් මැරෙන අය වැඩි වෙන්න පුළුවන් කියලා රජයට තේරුම් ගියොත්... ඡන්ද දායකයන්ට පැහැදිලි වේවි.
අපිව හිනස්සලා මරන්න එපා, ඇමතිතුමෝ.
ඔහු තවත් චරිතයක්...
දෙයියන්ගේ හාල් කැවිලද කොහේද?
ඉදිරි වී අස්වැන්න ලැබෙන විට හාල් මිල අඩුවෙන බව ඔබ හැර අනික් කවුරුත් දන්නවා. කොහෙන්ද ඔය දැනුම ලබා ගත්තේ?
මෙවන් විහිළු සපයන්නෝ මොකට ඡන්දය දීලා පාර්ලිමේන්තු යැව්වද?
විපක්ෂයේ සිට පොර ටෝක් දෙනවා වගේ ඇමතිකමක් ලැබුණාම වැඩකරන්න... ගිය වසරේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වී ඔබට උසස් අධ්‍යාපන ඇමැතිකම දුන්නා. රට වටේ ගියා හැම පළාතකටම... විශ්ව විද්‍යාල දෙනවා කියා. එකකටවත් අඩුගණනේ මුල්ගලක්වත් තිබ්බද?
69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඔබලා මේවා අහන්නද? ඔබලාට මාස කිහිපයකට පෙර රඟ දැක්වූ නාඩගම් අමතකද? මෙන්න ඒවයින් දෙකක් පමණක්. හරක් මැරීම තහනම් කිරීම හැම පාසල් ළමයෙකුටම බිත්තරයක් ආහාරයට නොමිලේ.
කරල පැහුණාට පස්සෙ ඩඩ්ලි කිව්වෙත් ඒ ගාණට දෙන්න බෑ. ඊට පස්සේ ආයේ වෙනස් කරනවා.
ගැසට් එකේ සඳහන් කරන්න "කරල කැපෙන දා සිට මෙම ගැසට්ටුව වලංගුවේ කියලා..."
අවුලක් නැහැ... මුන්ටම හරියන මොඩෙල් එකේ වැඩකරන විරුවෙක් පත්කරලා දුන්නනේ අපේ 69 ලක්ෂයේ පණ්ඩිතයින්... කොරෝනා වලින් 70ක් මිය ගියා කිව්වට මට සැකයි... ශුවර් එකටම 69 ලක්ෂයටම කොරෝනාවලින් මැරිලා... එක්කෝ රාජපක්ෂ ගොඩේ ගිලිලා මැරිල ගිහින් සද්දයක් නැතිවම...
ලෙඩක්ද? නැතිනම් උපන් හැටිද?
හාල් නැතිව බත් කන්නම්...!!!
අන්දරේ කළුගල උස්සලා ගිහින් දැම්මා වගේ...
මිනිස්සු ඔක්කොම එකතුවෙලා කරල කපලා දැම්මා නම් ඉවරයි. නැත්තම් අපේ රටට තව මේ වගේ අය බිහිවෙන්න තියෙන අවදානම වැඩියි.
නැව් ගාස්තු, වරාය ගාස්තු, රේගු බදු, වෙළෙන්දන්ගේ ලාභය, ප්‍රවාහන ගාස්තු ඇතුලු සියලු දේම ගෙවලා රුපියල් 85ට පිටරටින් සහල් ගෙනත් දෙන්න පුළුවන්නම් ලංකාවේ වවපු සහල් 110-120 කරලා පැහෙනකම් අපට කවන්න හදන්නේ... ඩඩ්ලි පොහොසත් කරන්නද?
කෝ බන්දුලගේ ආර්ථික පර්යේෂණ ඒකකය?
සීනි නැතුව තේ බොන්නම්... මාලු නැතුව සැමන් කන්නම්.. කහ නෑතුව පරිප්පු කන්නම්... හාල් නැතුව ගැසට් කන්නම් ...
හැමදාම වගේ මෙදාපාරත් ඩඩ්ලි අනිවාර්යයෙන්ම කරල කපාගෙන යනවා. ඩඩ්ලි හැමදාම පාස්, සර්, සර්ගේ බ්‍රිගේඩියර්... බන්දුල ඇමැති මෙදා පාරත් ෆේල්... ජනතාව හාමතේ...
අර පාන් කන්න බැරිනම් කේක් කාපල්ලා කිව්වා වගේ කියයි ළඟදීම...
බන්දුල උන්නැහේ, ඔය කරුම සේරම යන්නේ ජනාධිපතිතුමාගේ පිටින්. එතුමාගේ ඇඩ්‍රස් කැන්සල් කරන්න.
ජනතාවගේ බඩගින්න එක්ක නේද මේ විහිළු කරන්නේ? ජනතාව පැත්තකට දාලා හාල් මෝල් කාරයෝ එක්ක යන ගමනක් මේක...