
(සුජිත් හේවාජුලිගේ )
නව වසර සැමරීමට කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික ආයතන ලබාදී ඇති ඇණවුම් බාර ගැනීම හෝටල් සහ ආපනශාලා සහ කැවිලි පෙවිලි නිෂ්පාදනය කරන ආයතන බොහොමයක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් හිඟය නිසා හෝටල් ආපන ශාලා ඇතුළු ආයතනවලට අකමැත්තෙන් වුව එම තීරණය ගැනීමට සිදුවී ඇති බවයි.
පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් කිරිබත්, කැවිලි පෙවිලි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙවර ඇණවුම් කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් නව වසර සැමරීමට කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා කාලයක සිටම ඇණවුම් ලබා දුන්නේ ඒ ඒ නගරවල හෝටල්වලට සහ ආපන ශාලාවලට බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර ගෑස් හිඟය නිසා මේ වනවිට වැසීගොස් ඇති හෝටල් , බේකරි සහ ආපන ශාලා සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම සංගමය සඳහන් කරයි.
මෙයට අමතරව කඩල කරත්ත, බඩ ඉරිගු කරත්ත, සව් කරත්ත යනාදී ව්‍යාපාර දස දහසකට ආසන්න සංඛ්‍යාවක් ගෑස් හිඟය නිසා සම්පූර්ණයෙන්ම අඩාළවී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීඩනයට පත් ජනතාවගෙන් රටේ නායකයෙක්... දැන් සැපද.....? කියලා අහපු විශමකාරී පාලකයින් සිටින රටක් ලංකාව. ලංකාවට අද මෙහෙම වුනේ එවන් පාලකයින් හොරාකාපු නිසයි. ජනතා සාපයෙන් ඔවුන්ට ගැලවීමක් නැත.
සෞභාග්‍යය දෝරේ ගලායන වගයි..
රට මේ තැනට ගෙනෙන්න කිරිබත් නම් කොච්චරක් කෑවද අප්පා..? පව්.
කොච්චර බැන්නත් තිත්ත ඇත්තකුත් තියෙනවා. පහුගිය කාලේ ආර්ථිකයට හෙන ගැහුවත් කමක් නෑ.. ජීවිත බේරගන්න රට වහපියෝ කියලා කරගත්ත ඒවයේ ප්‍රතිඵලත් අද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ඇතුලේ තියෙනවා...
නියම බයිරාජ්යක් දැන් තියෙන්නේ... පුන්නක්කු ටිකකුත් චීනයෙන් ගෙන්නුවා නම් ඒවත් මාදිවෙල මොඩිෆයි කරපු ලොරි උඩ තියන් බමුණු අාරච්චිලාට කත හැකියි..
මැදමුලනේ ගියොත් ඕවා ඔක්කොම තියෙයි සංග්‍රහයට...
හිනාවෙන්නම පත්තරයට එක් කළ ප්‍රවෘත්තියක්...