
(යොහාන් භාසුර)
ගෑස් සිලින්ඩර් 180,000 ක් ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සමාගම දෛනික පිරවීම් සහ බෙදාහැරීම් පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ද මේ වන විට දෛනික ලිට්රෝ ගෑස් අවශ්‍යතාවය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම සමාගම සඳහන් කළේය.
ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම ලබාදිය හැකි බව ද සුපරීක්ෂාකාරීව ගෑස් සිලින්ඩර වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සහ ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ඉක්මනින් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව ද ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් සිලින්ඩර පිපිරෙන විදියට ජනතාවට ගෑස් ගන්න එකත් එපාවෙලා තියෙන්නේ...!!!
කඩිනමින් යනුවෙන් හඳුන්වන්නේ මාස කිහිපයක්ද? වැඩ බැරි අයට වැදගත් තනතුරු බාරදීමෙන් ඇතිවූ විපාකය... ජනතාව දහදුක් විඳිනවා.. කෑම පිසගන්නට ක්‍රමයක් නැතිව. දුක්විඳලා ගත්තු ගෑස් මොන මොහොතේ පුපුරයිද දන්නේ නැහැ...
මෙච්චර කල් මේ අය කරලා තියෙන්නේ බොරු සහ වංචාවන්... ලැජ්ජා නැතිව තව කියවනවා. පාරිභෝගිකයාගේ විශ්වාසය කඩකරලා, ඔවුන්ගේ දේපළ විනාශ කරලා, කිහිප දෙනෙකුගේ ජීවිතත් හානිකරලා, ඒවට වන්දි නොගෙවා හෝ සමාව නොඉල්ලා හෝ කණගාටුව ප්‍රකාශ නොකර සදාචාරාත්මක නොවන අයුරින් හම්බ කරපු මුදල්වලින් ගෑස් කම්පැණිවල ලොක්කන්ගේ පවුලේ අයයි, දරුවොයි, හොඳ නිරෝගි සම්පන්නව ඉන්නකෝ...!