භුමි තෙල් ලිප් මිල දී ගැනීම සදහා අද (12) කොළඹ නාගරික ජනතාව ගෑස්පහ අවට වෙළද සැල්වලට එක්රෝක් වී සිටියහ.
ගෑස් සපයන ප්රධාන සමාගම් දෙක වන ලිට්රෝ සහ ලාෆ් සමාගම් පසුගිය (10) දින ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ ජනතාව මෙලෙස භූමි තෙල් ලිප් මිල දී ගැනීමට නැඹුරු වී ඇත.
මෙහිදී ව්යපාරිකයකුගෙන් කළ විමසුකදී ප්රකාශ කර සිටියේ වෙනද මෙන් නොව අද දවස තුළ භුමි තෙල් ලිප් 50කට වැඩි විකුණුම් ප්රමාණයක් සිදු කළ බවය.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)




(රේඛා තරංගනී)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි මැතිණිටත් වඩා හොඳටම කළේ...
ඉන්න හිතෙන රටක්. ඊළඟට වැඩි වෙන්නේ භූමිතෙල්...
මේවා බොරු සංදර්ශනනේ.. ජනතාවට ඔච්චර අහේනියක් නෑ...
ඉන්ධන මිල වැඩි කිරීම අද, හෙට නොව අනිද්දා විය හැකියි. හොඳම විසඳුම දර ලිපට යාමයි...
භූමිතෙල් ලිප ගැන මගේ පුද්ගලික අත්දැකීම් මෙහෙමයි, ගන්න හිතන අයට වැදගත්වෙයි කියල දැම්මේ. 1. දැනට වෙළඳපලේ තියන හැම ලිපක්ම පාහේ "බාලම බඩු" ය. වැඩිම වුණොත් මාස 4ක් 5ක් පාවිච්චි කළ හැක. 2. භූමිතෙල් සඳහා වියදම ඉතා අඩුය. 3. නිල් පාට දැල්ල එන ලෙස ඇජෙස්ට් කරගත හැක. 4.දුර්ගන්ධයක් සහිතය. නිව්වාට පසු පළාතක ඉන්න බැරිය. ගෙයත් සමග සම්බන්ධ කුස්සියක් නම් හරියන්නේ නැත. 5. ගෑස් ලිප තරම් ඉක්මනට රත් නොවේ...
අන්න එහෙම හැකි සෑම අවස්ථාවකම විකල්පවලට යන්න..
ආසියාවේ ආශ්චර්යය..!!!
කලබල වෙන්න එපා... ළඟදීම මන්නාරමේ ගෑස්, තෙල් එනවා.
පෙට්රල් කාලකින් 5ස් දෙනකුගේ නිවසකට දවස් තුනක් කෑම සකස් කරගැනීමට හැකි ලිපක් මා ළඟ ඇත.