( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමගමට පැවරීමට හා යුගදනවි බලාගාරයේ කොටස් එම ඇමරිකානු සමාගමට පැවරීමට එරෙහිව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් අද (21 ) අභියාචනාධිකරණයට හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යුගදනවි බලාගාරයේ රජය සතු වූ කොටස් හා එල්එන්ජී ගෑස් ඒකාධිකාරය අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් , එබැවින් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)