
(යොහාන් භාසිර)
ලිට්රෝ ගැස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීම එම සමාගම අද තීරණය කළේය.
යුද්දය හේතුවෙන් ඉහළ ගිය එල්.පී. ගෑස් මිලෙහි පහත වැවටීමේ වාසිය පාරිභෝගිකයනට ලබාදීම සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කළ බව එම සමාගම කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 4,465ක් වේ.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි.
ගෑස් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 835කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd