
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.
කමිටුව ඉහත උපදේශයදී ඇත්තේ එම රැස්වීමේදීය.
මෙරට සැලසුම්කර ඇති ස්වභාවික වායු කැණීමේ ව්‍යාපෘති (LNG) සහ ඒ්වායේ වර්තමාන තත්වය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරිහු මෙහිදී කරුණු පැහැදිලි කළහ.
කැණීම් සඳහා විවිධ බාධා පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙම කැණීම් සඳහා විදේශ රජයන්හි උපදෙස් අවශ්‍යවන්නේදැයි සාමාජික මන්ත්‍රීවරු මෙහිදී විමසූහ.
ඊට ප්‍රතිචාර දැක්වූ දැක්වූ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ වෙනත් රජයන්ගෙන් එසේ උපදෙස් අවශ්‍ය නොවන බවයි.
මේ අනුව මෙම කැණීම් ඉක්මනින් සිදු කර අවසන් විය යුතු බව කෝපා කමිටුව නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.
මෙම කාරක සභාව රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල, හේෂා විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, එස්. ශ්‍රීතරන්, බී.වයි.ජී. රත්නසේකර, අශෝක් අබේසිංහ සහ ප්‍රසන්න රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිපස්ස කහගන්න නියපොත්තක් නැතිවුණත් ලොකු පුරසාරම්වලින් අඩුවක් පේන්නේ නැහැ...
අනේ මන්දා...?
ඔය කියන කමිටුවේ ඉන්න කට්ටියගේ අධ්‍යාපන සුදුසුකම් පලකරන්නකෝ.. එතකොට අපිට පුළුවන් හරියට ඵලදායී තත්වය මැනගන්න.
ඒත් එක්කම කොමිස් සිතියමකුත් හැදුවා නම් තමයි වඩාත්ම සුදුසු...!
හරි දැන් වැඩේ කෙරෙයි. උපදෙස් දුන්නනෙ.
අවුරුදු 15ක්ම සාකච්ඡා තව 15 ක් කතා කරලා කොමිසමක් දාන්න. ඕක පුළුවන් කට්ටියකට බාරදෙන්න යෝජනා කරාවි...
ඡන්දයක් ළඟයි වගේ....!
මාර්ග සිතියම හදන්න කලින් අපට තෙල් තිබෙනවාද? කොපමණ පරමානයක් තිබෙනවාද? ඒ ප්‍්‍රමානය වැඩේට අතදාන්න තරම් ප්‍රමාණවත්ද කියලා හොයලා බැලුවොත් නරකද?එහෙම නැතුව වැඩ කල ලැබෙන තෙල් ගාස්තුවට යටත් උනාම තෙල් එක්ස්ප්ලෝර් කරපු සමාගම අන්තිමට කියයි මන් කෑවා ගොන් කෑවා මෙන්න බාස් කෙවිට කියලා හිස් තෙල් ලිඳ අපිට දීලා රිග් එක අකුලගෙන යාවි.