(යොහාන් භාසුර)
කොළඹට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.
මෙම ගෑස් තොගයේ 'එතිල් මර්කැප්ටන්' රසායනිකය ප්‍රමිතියට අනුකූලව නොමැති බවත් එම ගෑස් පිළිබඳ වාර්තාව අද පස්වරුවේ විශේෂ තාක්ෂණික කමිටුවට යොමු කිරීමෙන් පසුව අවසන් තීරණය ගනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ගොඩ උඩින් ආපු ආණ්ඩුව දැන් නැව් පිටින් ගෘහස්ත බෝම්බ ගෙන්නනවා.හ හා
ගින්දර නැතුව දුම එන්න නැහැ. මේ ආණ්ඩුව මුලින්ම මෙහම තමයි කියන්නේ. පසුව අනාගත්තට පස්සේ කියන්නේ පහුගිය රජයේ කරපු වැඩ නිසා මෙහම වුනේ, විපක්ෂයෙන් බලාපොරුත්තු සහයෝග ලැබුනේ නැහැ.
අපරාදේ යුද්ධය කාලේ මේ ගෑස් බෝම්බ ගැන දැනගෙන තිබුනා නම් විශාල මුදලක් ඉතුරු කරගන්න තිබුනා.බෝම්බ මෙහෙම නිෂ්පාදනය කරගන්න පුලුවන නිසා
ඇයි මේ ආයතනයෙ ලොක්කො ජනතා මුදලින් පඩි ලබාත් සංවේදී නොමැතිව ජනතාවට ඔය සුළු පිපිරීම් එච්චර ගණන් ගන්න එපා කියන ගානටනෙ හිටියෙ. සංයුතියෙත් වැරැද්දක් නෑ කියමින් නේද හිටියෙ? පිපිරීම් තුවාල ජනතාවට ගණන් ගන්න එපා කීවත් අම්මා කෙනෙක් මැරුණම දැන් තමන්ට මිනිසුන් එලව එලව ගහන දිනය ළගයි කියල හිතුනා වගේ