(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ගැස් පිපිරීම් සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් ඇතැයි තමා කී ආකාරයටම විදුලිය සම්බන්ධයෙන් ද කුමන්ත්‍රණයක් ඇති බව තමන්ගේ විශ්වාසය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (03) නිකවැරටියේ දී පැවසීය.

විදුලිය විසන්ධි වෙනවා. මාස ගණන් වහනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ජනතාවට මේක දැනෙනවා. මොනවා හරි දෙයක් ඇතුලේ තියෙනවා කියලා. මොනව හරි තියෙනව. අර බෝම්බ තිබ්බ වගේ හැමදෙයක්ම එළිවෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ ජනාධිපතිතුමා අඩබෙර ගහන්නෙ නැතිව ඒවා එළි කරන්න කටයුතු කරයි. ඕව ක්‍රියාත්මක කරන හැම කෙනෙක්ම බොහොම උපක්‍රමශීලීව පොලිසිය කොටුකර ගනියි. ඒ අවශ්‍ය නියෝග දැනටමත් ගිහිල්ල තියෙන්නේ.

අපි කියන්නේ මේ වෘත්තිය සමිතිවල අයටයි අනිත් හැමෝටයි මේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. මේ තනිකරම යටි අරමුණු කුමන්ත්‍රණ මේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා කරන්න එපා කියලා මම ඉල්ලනවා. ඡන්ද වලට සධාරණව අපි මුහුණ දෙමු. මිනිස්සුන්ගේ කැමැත්තට අපි ඉඩ දෙමු. මිනිස්සු මරලා මිනිස්සුන්ගේ විදුලිය කපලා බලයට එන්න හදන්න එපා. ඒවා හරි වැරදියි.

දීපව්‍යාප්තව අද දින ක්‍රියාත්මක කෙරුණු "අයවැයෙන් වැඩ ලක්ෂයක්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව කීය.