
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් තොගයක් නෞකාවෙන් බාමින් තිබෙන බවත් දේශීය වෙළෙඳපොලේ ලිට්‍රෝ ගෑස් ඉල්ලුමට අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී (ව්‍යාපාර සන්නිවේදන) චමනි පතිරගේ මහත්මිය අද (8) පස්වරුවේ පැවසුවාය.
ශ්‍රී ලංකා මුහුදු කලාපයට තවත් එල්.පී. ගෑස් නෞකා දෙකක් ළගා වී ඇති බව කී චමනි පතිරගේ මහත්මිය ඉදිරි දින කීපය තුළ ලිට්‍රෝ ගෑස් සැපයුම යථා තත්වයට පත්කරගැනීමට හැකි බව ද සඳහන් කළාය.
දේශීය වෙළෙඳපොල තුළ ගෑස් සැපයුම යථා තත්වයට පත්කිරීමට අදාල ආයතනවල සියලුම සහයෝගය ලැබෙන බවද ඇය වැඩි දුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd