(දයාරත්න ඇඹෝගම)

කලවැල්පොතාන රජයේ රක්ෂිතයට සිය ගවයන් රැගෙන යමින් සිටි  පනස් හැවිරිදි දෙදරු පියෙකු දඩයක්කරුවෙකු  වන සතුන් ඝාතනය කිරිමට අටවා තිබු බදින කදන් තුවක්කුවක් පත්තු විමෙන් මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මේසේ මිය ගොස් ඇත්තේ දුමින්දේගම,මැදවච්චිය යන ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ ධර්මසේන(50)නැමති දෙදරු පියෙකි.

මියගිය අය තම ගවයන්ට තණ කෑම සදහා ඔවුන් කලවැල්පොතාන රජයේ රක්ෂිතයට රැගෙන යමින් සිටියදි වන සතුන් ඝාතනය කිරිම සදහා දඩයක්කරැවෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පත්තු විමෙන් බරපතල තුවා ලබා ඇතැයි පොලිසිය කියයි.