(සිතුම් චතුරංග)
ගවයකු සපා කෑවයි උරණවී වවුනියාව, මාමඩුව ගම්මානයේ නිවාසවල සිටි සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළ හිටපු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය කියයි.
කිසියම් අයකු විසින් මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මාමඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු ගවපාලනය සිදුකරන අතර ඔහුගේ ගවමඩුවෙහි සිටි ගවයකු හා පැටවකු සුනඛයින් විසින් සපාකෑමෙන් අනතුරුව උරණ වී වස මිශ්‍ර මස් ලබාදීමෙන් මෙම සුනඛයින් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.
මස් කැබැල්ලකට වස මිශ්‍රකර නිවාස ඉදිරිපිටට ගොස් සැකකරු නිවාස වල ඇතිදැඩි කරන සුනඛයින්ට ආහාරය සඳහා ලබාදෙන අයුරු ප්‍රදේශවාසීන් කිහිපදෙනකු දැක ඇතැයිද පොලිසිය පැවසීය.
ඇතැම් නිවැසියන් සුනඛයින් මියයෑම සාමාන්‍ය රෝගී තත්වයක් බවට සිතා මියගිය සුනඛයින් වළදමා ඇති බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ගවයින් සම්බන්ධ සිද්ධීන් නිසා සැකකරු නිවාස වල ඇතිකරන සුනඛයින්ට අවස්ථා ගණනාවකදී වස ලබාදී ඝාතනය කොට ඇතිබවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරු මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු වන අතර ඔහු පොලිස් ඇපමත මුදාහැර තිබේ.
සැකකරු අද(12) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මාමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න.. තවත් හිටපු හමුදා භටයෙකුගේ හපන්කමක්.. එදා පොලිස් ලොක්කාට.. එ්ක කොහොමද ලැබුණු හරසර... මෙයාට ඒවගේ කී ගුණයක් දෙන්න වෙයිද මන්දා.. රට අවදියෙන්.. හිත් පිත් නැති මිනිසුන්.. රාජකාරි කරෙත් මෙහෙමද මන්දා...?
එතකොට හරක් පැටියව සුනඛයන් හපපු එක හරිද.
සුනඛයින් කවුරු හරි ඇතිදැඩි කරනවා නම් දරුවෙක් වගේ තමන්ගේ ගෙදර තියාගෙන ඉන්න ඕනෑ. එසේ නැතිව දඩාවතේ යවා සමාජයට හිරිහැරයෙක් වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මොකද සුනඛයා අහිංසකම සතෙක් නොවේ. සමහර බස් මගී ආවරණ සුනඛ වාසස්ථාන බවට පත්වෙලා. මගීන් පෝලිමේ යන කොට පෑගුණොත් හපා කනවා. මාව එවැනි අවස්ථාවකට පත්වුණා. එයට ප්‍රතිකාර පුද්ගලික රෝහලකින් ගත්තොත් එන්නත රුපියල් 80000 වෙන බව මට දැන ගන්නට ලැබුණා. එය සමහර විට විශ්වාස කරන්නත් අමාරු වෙන්න පුළුවන්... නමුත් රජයේ රෝහලේ එය නොමිලේ ලබාදෙනවා. මම රෝහලේ සායනයට ගියාම එතැන 30 දෙනෙක් විතර හිටියා. ඔක්කොම ගණන් හදලා බැලුවහම වසරකට රුපියල් කෝටි කිහිපයක් ඔය කටයුත්තට මහජන මුදල් රජය වියදම් කරනවා. අපි කවුරුත් සුනඛයින්ට ආදරෙයි. නමුත් එම සතුන් පැටව් දැම්මහම පන්සල් වලයි, මහජනයා වැඩියෙන් ගැවසෙන තැන්වලයි එම සතුන්ව අතහැර දැමීමට සමාජය පුරුදුවෙලා තියෙනවා. එහෙම නැතිනම් දඩාවතේ යන සුනඛයින්ට කෑම දීලා, පාරේ නවතා ඇති තමන්ගේ වාහනය යට නිදිකරවා ගැනීමට සමහරු පුරුදු වෙලා තියෙනවා. එවිට ඒ පැත්තෙන් යන සියල්ලන්ම හපා කෑමට එම සතුන් පුරුදු වෙලා තියෙනවා. හැම කෙනාම මේ තත්වයන් ඉවසන්නේ නැහැ.