IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගුවනේදී හිමි නමගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයන් දෙදෙනා අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

දීගල්ලේ මහින්ද හිමි ගුරු වෘත්තීයේ නිරත , මහනුවර , පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරති . මෙම හිමියන් ඊයේ(25)  දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය කටුනායක බළා ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර , එම ඇසිල්ලේ ගුවන් යානය තුළ වූ චීන ජාතිකයන් දෙදෙනෙකු , උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ , එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ .

ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැළීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නොමැත .

 



අදහස් (6)

ගුවනේදී හිමි නමගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයන් දෙදෙනා අල්ලයි

ගිහි බුද්ධ ධර්මය පිළිපැදුමට උත්සාහකරන්නෙක් Wednesday, 26 November 2025 10:01 AM

බහු භාන්ඩික මුදල් අතපත ගාන භික්ෂුවකගේ නම් කමක් නෑ. අත්හැරීම ප්‍රගුණ කිරීමට උදව්වෙයි. බුද්ධ ධර්මයේ නාමෙන් එය ආරක්ෂාවට බුද්ධාගමක් හදාගැනීමට මාගේ විරෝධය.

:       15       63

sam Wednesday, 26 November 2025 11:20 AM

දැන් තමුන් කියන්නේ ඩුබායි යද්දී අතේ සතයක් නැතිව යන්න කියලද,හදිස්සියක් උනොත් තමුන් සුපර් මෑන් පවර් එකෙන් ඩුබායි ගිහින් සල්ලි දීල අවශ්‍ය දේ කරලා එනවද , නැතිනම් අබිත්තියෙක් එක්ක යන්න කියලද. ගොන් වෙන්න එපා ප්‍රයෝගික වෙනවා.

:       49       13

ජනි ස.Wednesday, 26 November 2025 11:54 AM

සසරෙන් එතෙර වෙන්න දරන දුකක් නේද? ලෞකික ජීවිතේ ඉන්න සිවුරක් දාගත්තේ මොකටද? සෞදියෙ යන්නෙ එතෙර වෙන්න නේද? ගුරුකං කරන්නෙත් ඒකටම තමයි නේද? ත්‍රිපිටක බුද්ධාගම පමණක් පිලිපදින ගිහියො තවමත් ඉන්නවා. ඒ කෙනෙක් වගේ උඩ කමෙන්ටුවට. මමත් තව එක්කෙනෙක්.

:       0       20

C.K.Lankaputhra Wednesday, 26 November 2025 11:24 AM

හාර ලක්ෂ අනූ තුන්දහස් අටසිය පනස් පහක්. සෞධියට අරන් ගිය සල්ලිවලින් ඉතිරි සල්ලිද නැත්නම් එහෙදි හම්බ කරපු සල්ලිද, ගුරුවෘර්තියෙන් හම්බ කරපු සල්ලි වලින් කරන ගනුදෙනුවක්ද? එක්කො සිවුර නිකමට වගේ කරේ එල්ලගත්ත හිමි නමක්ද? අපිට ප්‍රශ්න නැතුවට ප්රශ්න.

:       6       49

ජිල්බුWednesday, 26 November 2025 11:56 AM

ටිකක් අලුත් වචනෙ තමයි සිවුරු රඳවනය.

:       1       20

Nandalal DE SILVA - France Wednesday, 26 November 2025 05:04 PM

චීන්නු මාර වැඩකාරයින් තමයි. බිම හිටියත් හොරකම... උඩු ගුවනෙත් ඒක අමතක කරන්න බෑනේ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site