(ඉන්දිකා රාමනායක)

කටුනායක   ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්  ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය   ප්‍රභූන් සමග ගමන් ගන්නා  සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා   ගුවන් සේවා සමාගමේ  සභාපති මේජර්  ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ  චන්ද්‍රසිරි  මහතා පැවසීය.

මින් ඉදිරියට  විශේෂ වරප්‍රසාද  ලද  ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත්  ඔවුන් සමග  ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු  සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා  ගමන් කිරීම  තහනම් කර ඇති බවද   ඒ මහතා  සඳහන් කළේය.

ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස්  කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්,  උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.