
(නිමල කොඩිතුවක්කු)
මෙරට ගුවන් කලාපය තුල ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙනයාම සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන්තොටුපලේ අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කරනු ලැබීය.
ඒ අනුව ගුවන්මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කල වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කෙරිණ.
රුපියල් මිලියන 670 ක පිරිවැයකින් යුරෝපීය ප්‍රමිතියට අනුව ඉතාලියේ නිෂ්පාදනය කර ඇති මෙම පද්ධතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක්ව සිටියහ.
මෙම සන්නිවේදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුලින් ගුවන්ගමන් පාලක වරුන්ට ප්‍රධාන පාලක මැදිරියේ සිට ගුවන්යානයට, සියළු ගුවන් තොටුපල වලට සහ රේඩාර් මධ්‍යස්ථානයට ක්ෂණයකින් සම්බන්ධ විය හැකියාව ලැබේ
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටුපලට අධි තාක්ෂණික මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක්
ravin Sunday, 27 August 2023 02:36 PM
යුගයේ අවශ්‍යතාවයක්... වැඩේ හොඳයි. පොඩි පරහකට තියෙන්නේ මේ අයියා කොමිස් කාක්කෙක් නිසා අපි ඇස් ඇරගෙන කන්යොමාගෙන ඉඳිමු...
Perakum Monday, 28 August 2023 01:19 AM
දැන් ඇස් ඇරගෙන කන්යොමාගෙන ඉඳල වැඩක් නෑ. වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.
Nimal Sunday, 27 August 2023 09:49 PM
ඇත්ත ගාන ,රුපියල් මිලියන 300 ක් වත් වෙන්න ඇති
Bunny Preena Monday, 28 August 2023 01:40 PM
මේවා නිල වශයෙන් ආරම්භ කිරීමට ඇමති කෙනෙක් ඉන්නම ඕනෙද? ජේෂ්ඨ සේවක මහතෙකුට කියලා කියලා එවැනි දේවල් කළොත් හොඳ නැද්ද? ආ.. මට වැරැදුණා... ඇමැතිතුමාගේ පුද්ගලික බූදලයෙන් වෙන්න ඕනේ වියදම් කරන්න ඇත්තේ.