IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගොවීන්ට නින්ද ගිය අතරේ අලි වගාව වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය කිලවන්එළිය කුඹුරු යායට කඩා වැදුන වල් අලි රංචුවක් අස්වනු නෙළිමට ආසන්නව තිබු අක්කර 20 කට ගොයම වනසා ඇති බව ගොවිහු හඩා වැලපෙති.

ඉඟිනිමිටිය හා ඌරියාව ප්‍රදේශයෙ වෙල් පහු ජලයෙන් වගා කරනු ලබන කිලවන්එළිය කුඹුරු යාය අක්කර අක්කර 200 කට වඩා විශාලත්වයකින් යුත් කුඹුරු යායක් බව ගොවිහු පවසති.

මේ දිනවල 50කට ආසන්න වල් අලි රංචුවක් මෙම ප්‍රදේශවල සැරිසරන බවත් ගොවීහු පවසති.

රාත්‍රි කාලයෙ නිදිවරමින් ගොවින් කිලවන්එළිය කුඹුරු යාය වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනිමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදි අලුයම් කාලයෙ පැල් වල රැදි සිටි ගොවින්ට නින්ද යාමත් සමග මෙම අලි රංචුව කඩා වැදි මෙම විනාශය සිදුකර ඇති බව ගොවින් පවසයි.

අධික මුදලක් වැය කරමින් වගා කල කුඹුරුවල අස්වැන්න තවත් සුළු කාලයක් පමනක් තිබියදී මෙසේ වල් අලි රංචුව වනසා ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට විකිණිම කෙසේ වෙතත් තම ආහාරයට අවශ්‍ය වී සුළු ප්‍රමානයක් පවා ලබා ගැනිමට නොහැකි ලෙස වල් අලි රංචුව වනසා ඇති බව පවසති.



අදහස් (0)

ගොවීන්ට නින්ද ගිය අතරේ අලි වගාව වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site