
(යොහාන් භාසුර)
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් අද (28) ඉල්ලා අස්විය.
එම සමාගම තුළ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සැළකිල්ලට ගනිමින් ඒ මහතා ඉල්ලාඅස්වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා පත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් සමාජය තුළ ඇති රැකියාවලට සුදුසු නෑ නේද?
කරන්න බැරිනම් අයින් වුණාට කමක් නැහැ.
දන්නෝ දනිති. බොහෝ ප්‍රසිද්ධ ආයතනවල ප්‍රධාන විධායක හෝ මෙහෙයුම් නිලධාරීන් ලෙස සේවය කරන්නේ ත්‍රිවිධ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය හොඳ කීර්තිමත් නිලධාරීන්. එම ආයතනවල වැඩකටයුතු බොහෝම පිළිවෙළකට, විනයක් ඇතිව සිදු වෙන බවට ඕන තරම් උදාහරණ තියෙනවා. ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව අදාල අමාත්‍යාංශය විසින් සඳහන් කරලා තියෙනවා.