(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසිය.
එම කමිටුව හමුවට කැඳවෙන සෙසු ආයතන වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය සහ අපනයන ණය රක්ෂණ සංස්ථාවයි.
මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට ලබන 27 වැනිදා කැඳවා ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන 28 වැනිදාය.
අපනයන ණය රක්ෂණ සංස්ථාව ලබන 25 වැනිදාද ඉඩම් පත් පතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදාද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
වෘත්තිය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන මැයි මස 9 වැනිදාය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය වසරේ ඔක්තෝබර් මස 21 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරික්ෂා කිරීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවා ඇතැයිද කෝප් කමිටු සභාපතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට
Sunil Wednesday, 19 April 2023 06:06 PM
ඒ ගොල්ලොත් පැය 30ක් ප්‍රමාදවෙලා පැමිණෙයි.
Gunasinghe Wednesday, 19 April 2023 08:31 PM
මිහින් එයා දැන් තියනවද .මොකද ඒකට උනේ .හොඳට ලැබ ලබපු ආයතනයක්