(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසිය.
එම කමිටුව හමුවට කැඳවෙන සෙසු ආයතන වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය සහ අපනයන ණය රක්ෂණ සංස්ථාවයි.
මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට ලබන 27 වැනිදා කැඳවා ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන 28 වැනිදාය.
අපනයන ණය රක්ෂණ සංස්ථාව ලබන 25 වැනිදාද ඉඩම් පත් පතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදාද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
වෘත්තිය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන මැයි මස 9 වැනිදාය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය වසරේ ඔක්තෝබර් මස 21 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරික්ෂා කිරීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවා ඇතැයිද කෝප් කමිටු සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලොත් පැය 30ක් ප්‍රමාදවෙලා පැමිණෙයි.
මිහින් එයා දැන් තියනවද .මොකද ඒකට උනේ .හොඳට ලැබ ලබපු ආයතනයක්