(නාලක සංජීව දහනායක)
ගුවන් යානා මිලට ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත.
ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සමඟ කළ ගනුදෙනුවේදී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූත්‍ය වංචා පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තා අද (2) සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක හා අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණි.
එම චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා එහි ප‍්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර යුක්රේනයෙන් "මිග්" ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුවුණාය කියපු පල හිලව්ව දැන් අමතක කරනවාද?
බොහෝම හොඳයි. ඊට කළින් රාජපක්ෂලාට ඔවුන්ගේ තනතුරු දරන අනුගාමිකයන්ට එල්ල වී ඇති චෝදනා ගැන විභාග කරලා ඉමු නේද?
මිග්යානා ගනුදෙනුව ගැනත් හොයනවද?
වැඩියම හොයන්නත් එපා නේද? එතකොට කියාවි මහබැංකුව ගැනත් හොයන්න කියලා... පරණ කුණු අවුස්සනකොට ඉන්න බැහැ. මහින්ද මහත්තයාට 2/3 ගන්න උදව්වක් කරන්න. දැන් වැඩක් හරියටම කරන්න බැරි බහුතර ප්‍රශ්නේ නිසාලු නේද?
ඕකට මොන පරීක්ෂණද? මස්සිනාගෙන් අහන්න කියලා අයියට කිව්වා නම් ඉවරයිනේ..!
තවත් කේස් එකක් වෙයිද?
මිග් යානාද?
පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ කරපු ගනුදෙනු දැන් අහවරක් වෙලා ඇතිනේ...
බුද්ධික, ඕවා වළදාලා අවසන්. රනිල් මෛත්‍රීගේ පාලනයට කොන්ක්‍රීට් දාලා වැහුවා.
මේ කොමිසන් සභා, කමිටු, තේරීම් කාරක සභා, වාර්තාවල් පට්ටපල් බොරු. ජනතාව මුලා කරන වැඩ. රනිල් රාජපක්ෂලාගේ වංචා හොයනවා. රාජපක්ෂලා රනිල්ගේ පාලනයේ වංචා හොයනවා. 1994 සිට අද දක්වා කොමිසන් සභාවලට අඩුවක් නැහැ. සූරියකන්ද, ඩිලාන්ගේ මිත්‍ර එල්ලාවල ඝාතනය, බටලන්ද, මහබැංකු, මහා පරිමාණයේ වංචා වාර්තාව. ඔය එකකටවත් දඬුවම් නැහැ.
හොඳ ක්‍රියාවක්.. පරීක්ෂකයන් මේකත් පරණ ඒවා වගේ යට ගහයිද?
උදයංග වීරතුංගව අල්ලන්නේ කවදාද?
දැන්වත් ජවිපයට ඡන්දෙ දීපල්ලා කොල්ලනේ මේ නරි නාටක ඉවර කරන්න.
අමුතුවෙන් මොනවට විමර්ශනය කරනවද? තමුන්ගේ අයමනේ ඒවා ගැන දන්නේ...
අම්මට සිරි එතකොට මිග් ගණුදෙණුවත් එළියට එයිද දන්නේ නැහැ.
කොමිස් මුදල බිලියන 2.5.. අයියගේ මස්සිනා තවම හැංගිලා... ඒ ගුවන්යානා ගිවිසුම අවලංගු කිරීමේ පාඩුව... කියන්නත් බැහැ. මුදල් ගිහින් තියෙන්නේ බෘනායි ගිණුමට... නිශාන්ත ඉන්නේ එහෙද?
බෙලිමිස්සා ඔෆිස් එක තියෙන තැන හොයාගත්තොත් මේක ගැන හොයාගන්න පුළුවන් වේවි...
දීපල්ලා යූඑන්පී එකට බලය එදාට සේරටම බලාගන්න පුළුවන් අත් අල්ලාගෙන හිර ගෙදරට යනහැටි ඔය පට්ට දේශප්‍රේමීන් එතකන් නම් ඕවා සේරම ඩ්‍රාමා එකක් විතරයි.
කපිල මුල ඉඳලාම කරේ මහජන මුදල් කොල්ලකාපු එක... ඒක පටන්ගත්තේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර ටෙලිකොම් එකේ ප්‍රධාන විධායක නිලධාරියා හිටපු කාලේ ඉඳලා. අපි ශිරන්ති රාජපක්ෂගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහට බැන්නට ශ්‍රීලන්කන් එයාලයින්ස් කෑවා කියලා ඇත්තටම ඒක කළේ කපිල.., මිහින් ලංකා එකත් ඇතුළුව.
ඊට අමතරව ප්‍රියංකගේ නිවුන් සහෝදරිය දැන් විවාහ වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සමගයි. ඒ අනුව ප්‍රියංකාගේ මුදල් වලින් මිලදී ගෙන ඇති සුඛෝපබෝගී බෙන්ස් සහ බී.එම්. ඩබ්ලිව් රථ කිහිපයක් අරවින්ද සිල්වාගේ කොම්පැනියක් හරහා නැවතත් රජයේ ඉහළ නිල සඳහා අධික මිලකට මාස කුලියට ලබාදීම...
මේකටත් වෙන්නේ බැඳුම්කර අක්‍රමිකතා ගැන සෙව්ව එක වගේ තමයි. තමන්ගේ පැත්තේ අය අවැඩක් කළොත් ඒක ආරක්ෂා කරනවා. ඔය ලොකු සල්ලි ගන්නේ තමන්ට විතරක් නොවේ. එවැනි මුදලක් ලැබුණු විට තමාගේ කොටස තබාගෙන ඉතිරි කොටස ඉහළින් ඉන්න තමාව අනාගතයේ ආරක්ෂා කරන අයට යවනවා...
ඔය හදන්නේ මෙයාලගේ පැන්ෂන් ගිය කීප දෙනෙක්ට ගානක් හම්බ කරගන්න කොමිසමක් දාගන්න. ඕවට රැවටෙන්න එපා. 1970 න් පස්සේ පත්කරපු කොමිෂන් වලින් එකම කොම්සමයි නඩු අහලා දඬුවම් කරලා තියෙන්නේ ලංකාවේ... ඒ 1971 අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අන්දන්න හදනවා.
මේවා ලබන ඡන්ද බලාගෙන .....................
මේ කාට කාටත් දැනගන්නයි කියන්නේ...වසර 30 ක කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තු අභීත නායකයින් ගිල්ලයි කියන මිග් යානා ගණුදෙනු ගැන හොයන්න ඕනා නැහැ.