(ටී.කේ.ජී.කපිල )
කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ අද (8) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.
මේ සඳහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම, සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර, ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවෝ වූහ.
ගුවන්යානයේ සමස්ත කාර්ය මණ්ඩලය 8 කි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සඳහා A - 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.
මෙම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2017 දෙසැම්බර් 2 නෙවෙයිද මුල්වරට කාන්තාවන් පමණක් සේවය කරපු ගුවන් ගමන(CMB-NRT) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ. විශාකා විද්‍යාලයේ 100 වන සැමරුම වෙනුවෙන් කරපු වැඩක් එක ආරංචි විදියට.
ජීවිත අවදානමක් ගෙන සිංගප්පූරුවට ලඟා වූ සියලුම මගීන්ට හද පිරි ස්තුතිය.
ඔබට සුබ ගමනක් පතමි !
ආඩම්බරයෙන් සුභ පතනවා....
ශ්‍රීලන්කන් ගුවන් සේවය මගින් පියාසර කරන මගීන් බොහෝ දෙනෙක් යානයේ ගුවන් සේවිකාවන් ගැන යහපත් මතයක් දරන්නේ නැත. සේවයට නිසි අයුරින් කැපනොවූ, මගී අවශ්‍යතාවයන්ට අත හිත නොදෙන, සමහර අයගේ මුහුණේ සිනහ රැල්ලක් නොදකින, ආඩම්බරකාර, උද්දච්ච, කිරිල්ලියන් රංචුවක් හැටියට සමහර මගීන් මොවුන් හඳුන්වනවා! මම අනන්තවාරයක් ශ්‍රීලංකා ගුවන් සේවය මගීන් පැරිස්-කොළඹ-පැරිස් පියාසර කර තිබුණත් ඔවුන් ගැන මෙවැනි චෝදනා ඉදිරිපත් කිරීමට සුදානම් නැත. කෙසේ උනත් "ලෝක කාන්ත දිනය" වෙනුවෙන්, අපේ "ගුවන් කෙල්ලන්ගේ" ආකල්පය තවත් දියුණු කරගැනීමට පුළුවන් නම් එය රටේ සංචාරක සංවර්ධනයටත්, ගුවන් සමාගමේ කීර්ති නාමයටත් යහපතක් වෙනු අත!
අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නේ වත්තේ තේ දළු නෙලන, ගාමන්ට් එකේ ඇඳුම් මහන, මැද පෙරදිග වහල් සේවයේ යෙදී ඉන්න කාන්තාවෝ. ඒත් දේශපාලන ක්ෂේත්රයේ කාන්තා නියෝජනය ඉතාම අල්පයි. දේශපාලකයින් අතර දූෂණය, වංචාව වැඩි වෙන්න ඒකත් එක හේතුවක්.
නන්දලාල් මහතා කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් අපේ මිනිස්සුත් දෙකක් කටේ හලාගත්තට පස්සේ ගුවන් සේවිකාවන්ට දෙන වද නිසාද බොහෝවිට ඔවුන් මගහැර ඉන්නවා මම දැක තිබෙනවා.
මේක කියවලා, මගේ ඇඟ හිරි වැටුණා...
හරිම සතුටක්. සමහරුන්ට හැදෙන ඔලුව ඉදිමෙන රෝගය (cerebral edema) හැදුනොත් විනාශය නම් වැළැක්විය නොහැකිය. ලාල් මහතා කියපු කතාව 100% ඇත්ත. සුද්දන්ට කට පුරා හිනාවෙලා දක්වන සැලකිල්ල කැපිලා පේන දෙයක්... දවසක් අසනීප වෙලා හිටපු ලාංකික කාන්තාවකට පැනඩෝල් පෙත්තක් ඉල්ලුවා සතේකට ගණන් ගත්තේ නැහැ. ටිකට් එකට කෑමබීම අඩංගු නිසා මධ්‍යසාරය නොබොන සුද්දෙක් සුද්දියෙක් හොයාගන්න බැහැ. ඔවුන් කතා කරනවා, පොටෝ ගන්න ඒවා කිසිඳු ප්‍රශ්නයක් නැත. අපේ අය සිංහලෙන් කතා කරන නිසාදෝ එ්කත් මේ අයට මදි පුංචිකමක්... අපරාදේ කියන්න බැහැ.. සේවය කරන පිරිමි ටික එහෙම නැහැ.