(ඩයනා උදයංගනී)
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පවුල් 601 කට අයත් 2,352 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන් පවුල් 373කට අයත් 1,362 දෙනකු ඥාති නිවෙස්වල රැඳී සිටින අතර තවත් පවුල් 7කට අයත් 25 දෙනකු සුරක්‍ෂිත මධ්‍යස්ථාන තුනක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම දිස්ත්‍රික්කයන්හි නිවාස 82කට අර්ධ හානි සිදුව ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
කළුගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශයන්ට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් එය රත්නපුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබූ අතර කළුතර මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගංවතුරෙන් 2,352 ක් පීඩාවට