IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුර දකුණේ පාසල් රැසක් වසා තබයි

(දෙනගම යසන්ත ආරියසේන)

ගංවතුරෙන් බලපෑමට ලක් වූ මොරවක අධ්‍යාපන කලාපයට  අයත් පාසල් දෙකක් හැර සෙසු පාසල් සියල්ල සහ මුලටියන අධ්‍යාපන කලාපයේ මුලටියන කොට්ඨාසයට අයත් පාසල් දහයක් හා අකුරැස්ස කලාපයේ පාසල් හතරක් අද දින වසා තැබීමට කටයුතු කළ බව මොරවක සහ මුලටියන සහ අකුරැස්ස අධ්‍යාපන කලාප කාර්යාල පවසයි.

හක්මන මුලටියන අධ්‍යාපන කලාපයට අයත් මුලටියන කොට්ඨාශයේ මාර/දෙයියන්දර ජාතික පාසල,දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය ,මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ,මාකඳුර ප්‍රාථමික විද්‍යාලය ,සීනිපැල්ල ප්‍රාථමික විදුහල, කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය,කොරඹුරුවාන මහා විදුහල, මීපාවිට ප්‍රාථමික විද්‍යාලය යන පාසල් සහ තිහගොඩ කොට්ඨාසයේ කිතලගම බටහිර හා නැගෙනහිර යන පාසල් දෙක මෙලෙස වසා තැබේ.

මේ අතර මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් කොටපොල හා මොරවක කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හා පස්ගොඩ කොට්ඨාසයට අයත් ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනෙකුත් සියළුම පාසල් සහ අකුරැස්ස කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය, පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල යන පාසල් අද දින වසා තැබීමට තීරණය කළ බව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ටි.එම් අකීල් මොරවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මිකා පියදර්ශණී අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලීන් ජයමිණි යන මහත්ම මහත්මීහු ලංකාදිපයට පැවසූහ.

 



අදහස් (0)

ගංවතුර දකුණේ පාසල් රැසක් වසා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site