(ගයාන් සූරිය ආරච්චි)
කෝට්ටේ නව ජයවීර මාවත ප්‍රදේශයේ පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 30 සහ කාන්තාවන් 2 කු අද (29) සවස වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.
ඔවුන් සන්තකයේ තිබී හෑෂ්, අයිස් ඇතුළු හඳුනා නොගත් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදීණිය මහතා උපදෙස් පරිදි වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගංවතුර අස්සෙ" කියන විශේෂණ පදයෙ තේරුම මොකක්ද ? උත්සව තියන්න බැරි ද ? අද මගේ යහළුවෙක් වෙඩින් එකකට ගියා.ඒවා තියන්න තහනම් ද ? ගොඩක් විට මේ වගෙ දේවල් කලින් සැළසුම් කරපුවා.නොවැළැක්විය හැකි හේතුවෙන් මත අවලංගු කරේ නැත්නම්. ඔය කියන පාටියෙ මත්ද්‍රව්‍ය තිබ්බනම් ඒ ගැන විමර්ශනය කරන්න.( අද කිසිම උත්සවයක මත් වතුර/ද්‍රව්‍ය නොමැති සාද නොමැත) ඒ නිසා අනවශ්‍ය විශේෂන පද යොදා පාඨකයා තුල වෛරය ඇතිවන ප්රවෘත්ති පල නොකරන්න.
මේ වගේ එවුන් ප්‍රසිද්ධියේ ගෙනල්ල දඩුවම් කරන්න..