
( කුෂාන් ජයවර්ධන)
කහටගස්දිගිලිය ප්‍රද්ශයේ ගෙවත්තක තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක් හා පතොරම් තොගයක් ඇතුලු පාර්සලයක් සොයා ගැනීමට කහටගස්දිගිලිය පොලිසිය සමත්ව තිබේ.
කහටගස්දිගිලිය පොලිස් වසමට අත් කිරිඉබ්බෑව ප්‍රෙද්ශයේ ගෙවත්තක තිබී එම ගිණී අවිය හා පතොරම් තොගය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
තම ගෙවත්තේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට එම නිවැසියා පොලිසියට සිදුකර තිබූ දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සිදුකල සෝදිසියකදී විදේශීය රටක නිෂ්පාදිත එම ගිනි අවිය ඇතුලු පතොරම් තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ගෙවත්තේ හිමිකරු මාසයකට ආසන්න කාලයක් එම නිවසෙන් පිටව ගොස් සිට ඇති බවත්, ඔහු තම ගෙවත්තේ සැකකටයුතු පාර්සලයක් ඇති බව දුටු බවට ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශ්‍යට දන්වා තිබූ බවත් පොලිසිය කියයි
නිවෙස් හිමියා පොලිසියට කර තිබූ එම දැනුම් දීම මත එහි ගිය කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදුකර තිබිණ. පොලිසිය සිදු කළ එම පරීක්ෂාවේදී සොයාගත් සැකකටයුතු පාර්සලයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිණී අවිය ඇතුළු පතොරම් තොගය සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.
පොලිසිය සොයා ගත් එම පාර්සලයේ තිබී විදේස් රටක නිෂාපදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ පතරොම් හිස් කොපු 21ක් ද, T 56 ගිනි අවියට භාවිතා කරන පතරොම් 19ක් ද ෙසොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
354
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙවත්තකින් විදෙස් ගිනි අවියක්-පතුරොම් හමුවෙයි