
(ඩයනා උදයංගනී)
කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයට බව කී අගමැතිවරයා ‘ගෙවුණු වසර දෙක කරගසාගෙනයාම එම විවේචකයන්ට භාරදී, අප අනාගතය භාරගනිමු’ යැයි ද සඳහන් කළේය.
රට පිළිබඳ තිබෙන සුබවාදී බලාපොරොත්තු කිසිවෙකු අතහැරිය යුතු නැතැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට අද (12) පෙරවරුවේ එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
"කොවිඩ් අවස්ථාවේ සියලු වැඩ නවත්වා ඉදිරියට යන්න බෑ. දැවැන්ත අභියෝග තියෙද්දීත් සංවර්ධනය ගැන හිතන්නේ ඒකයි. අපිට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුනයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නෙවෙයි අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. අපි මුහුණ දී තියෙන තත්වය කටුකබව පිළිගන්න ඕනෑ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධය මේ වරායට වඩා ගැඹුරුයි. ඒක හංගන්න ඕන නෑ."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි ඩොලර් කොහෙද තියෙන්නේ
අමතක කරපු එක තමා දොරේ සිංහල මුනිය කරගන්න ලොකුම ගොන්කම. අමතක වෙන ලෙඩේ නැත්තන් සුනාමි සල්ලි හොරාකාපු ඔහේ වගේ එකෙක්ට චන්දෙ දෙයිද?
ඒ වසර දෙකේ හොරා කාපුවා කොමිස් ගහපුවා ආපහු දෙනවද.?
ගොවිතැන් විනාශ කරල පිස්සු කතා කියවනවා.
පුදුම කතාවක්. එතකොට විපක්ෂයද ආණ්ඩුව කලේ ගිය අවුරුදු තුනේ?
ඉතුරු ටික අපිම කමු තනියම.
හා එහෙම කරමු.
මේකත් ඔහේ ගෙවිලා යයි.
ලොක්යේ හැම රටක්ම ගෙවුණු දෙවසර විපක්ෂ වලට භාරදුන්නද?
අපව නොමඟ යවන්න එපා; Covid-19 නොතකා අනෙකුත් රටවල් ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා විය; අපේ පාලකයෝ අයථා පරිහරණය කළා.
පුදුම කතාවක් නේ ඒක . පහුගිය අවුරුදු දෙක පොඩි ළමයෙක් කරත්, මීට වැඩිය "හොඳටම කරනව" .
ඒ කියන්නේ ඉදිරියටම ගසාකෑම කරන්න ඉඩදී මෝඩ විදිහට බලාගෙන හිටපල්ලා කියල වෙන්න ඕන.
දැන් හොඳටම ඇති
ඉතිරි අවුරුදු 3 සාර්ථකව නිම කලොත් තව අවුරුදු 5 චන්දයක් නැතිව රට ඔබලාට බාරදේවි ඒගැන සැක හිතන්න එපා. ජෙප්පෝ කොරෝනාවත් එක්කම 1989 ටම තල්ලු කරමු.
පුවත්පත් වල පලවෙන ජෙප්පන්ගේ , සජබයින්ගේ පල් හෑලි නොවෙයි කතුවැකි කියවන අය රටට මොකද උනේ කියා දන්නවා. රටට නොවෙයි ලෝකෙටම මොකද උනේ කියා දන්නවා. අනික රටවලට හෙමින් නැගිටීමේ ශක්තියක් තිබුනා අපිට පුළුවන් උනේ නැහැ. කොරෝනත් සමග ජීවත් වෙන්න බලාගෙන අපිත් හෙමින් නැගිටිමු.
මෙතුමා තරම් පරිණත ලෙස සහ සූර දේශපාලන හාස්‍යයෙන් තම දේශපාලන විරුද්ධ වාදීන්ට රිදෙන්න තලන්න හැකියාව ඇති දේශපාලකයෙක් වර්තමාන දේශපාලනයේ නැහැ.
ඒ කියන්නේ ගෙවීගිය අවුරුදු දෙකක කාලය රට පාලනය කලේ විපක්ෂයද? පෝලීම් යුගය ඇති කාලෙත් විපක්ෂයද? යුගදනව් බලාගාර, ත්රකුනාමල තෙල් ටැංකි ඉන්දියාවට වික්කේත් විපක්ෂයද?
රටේ බොහොමයක් දෙනා දැන් කොහොමත් ඔයටික හිතලා ඉවරයි. ඒ කියන්නේ ගෙවී ගිය කාලය ගැන නොහිතා ඉදිරියේ එන මැතිවරණයකින් ඔබ තමුන්නාන්සේලාට කෘත ගුණ සලකන හැටි ගැන තමයි හැමෝම හිත හිත ඉන්නේ.තව අවුරුදු තුනක් ඉවසලා ඉන්න.
ඇයි ඔබතුමාලා නෙවෙයිද රට පාලනය කරේ ඔබතුමාලා ගෙදරට වෙලා විනෝද උනාද.
අපිනම් ඔක්කොම දෙවියන්ට භාරදීලා ගොඩක් කල්.
ඒ කියන්නේ මෙයා ඉදිරි අවුරුදු 3 උපරිමෙන්ම විකුනන් කන්නයි යන්නේ? ඔය සනුහරේ කාටවත් අපේ පවුලේ චන්දේ නන් ආයි මේ ආත්මෙදි ලැබේන්නේ නෑ
විපක්ෂය නොකරපු දෙයක් ඔවුන්ට භාරගන්න බැහැනේ. ඒ නිසා ගෙවුණු කාලය පාලනය කල ඔබලාම ගෙවුණු කාලය භාරගෙන ඉතිරි කාලය විපක්ෂයට දෙන්න
එදා ඔබ මැවූ ලොකු චිත්‍රය බලා කතිර ගහපු අපිට අද පේනවා මැකී ඇති අයුරු, අපිට තවත් පාට නොපෙන්වා ඔබලාගේ බොරුව පිලිගෙන මහත්මයකු සේ සමු ගන්න. එවිට ඔබ ඉතිහාස ගතවනු ඇති.
එතකොට සර් පාස් වෙන්න ඇති ?ඊළඟ අවුරුදු 3න් රට තවත් වල පල්ලට
මහින්ද කියන්නේ මැන්ටල් පොරක්
හොරුන්ගේ ෆයිල් තියාගෙන වන වන හිටියා හොරු අල්ලන්නේ නැතුව .රට කාලා බයිලා කියනවා. ඉස්සරවෙලා කෙලින් ඇවිදින්න බලනවා මනුස්සයෝ
මහින්ද මහත්තයෝ එම් එස් ප්‍රනාන්දු වෙලා බයිලා කෙලින්න එපා කොරෝන හින්ද ගියපු වසර දෙකට වෙච්ච් මගුලක් නැහැ එක හින්ද වෙච්ච එකම දේ ඔහේගේ මල්ලි අනිත් ඒවායේ වගේම අනුන්ගේ ලනු කාල ධම්මික පැනිය දීල එක පාලනය කරන්න බැලුව අන්තිමට බැරි උනාම තමයි එන්නත් කරණය පටන්ගත්තේ මොන අඩුපාඩු තිබුනත් කුහක නොවී කියනවා එක හොදට කරා -කරනවා එක විතරමයි හරියට කලේ අනිත් හැමදෙයක්ම මල්ලි අනාගෙන තියෙන්නේ
තව වැඩි කාලයක් නැහැ මගේ හිතේ.
අවුරුදු 50ක් දේශපාලනේ කරලා දැන් කියනවා තව අවුරුදු තුනක් බලන්නලු.
දැන් නම් අතේ තියන නාටාමි කොක්කෙ බලේ බැහැලා තියෙන්නේ. රටේ කවුරුත් දැන් මෙල්ල වෙන්නේ නෑ. රට නැගීම කෙසේ වෙතත් තමන්ට නැගිට ගන්න හැරමිටියක්වත් ගන්න.
අපරාදේ පෝය ලං වෙනකොට ඔහොම තමා, වැරදුනාම විපක්ෂය. හරිගියාම ආණ්ඩුව.
බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. පහුගිය කාලය පුරාවටම දුශිත පවුල් පාලනේ කරපු දේවල් හොන්දටම ඇති. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා රටට කරල තියෙන හරිය ඇස් පනාපිටම දකින්ඩ තියෙනවා .
රජයට පක්ෂව පළකරන අදහස්....