(රන්ජන් කස්තුරි සහ අංජුල මහික වීරරත්න)
නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
වයස අවුරුදු 18ත් 55ත් අතර ඕනෑම පුද්ගලයෙකුට එම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායක විය හැකිය.
වයස අවුරුදු 18ක පුද්ගලයකු මාසිකව ගෙවිය යුත්තේ රුපියල්27ක ගාස්තුවක් පමණක් වන අතර තමන්ගේ ආදායම මත පහසු රක්ෂණ සැලසුම් ක්‍රමයක් තෝරා ගැනීමට ගොවිජනතාවට හැකි බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
මාසික, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකවත් එසේ නොමැතිනම් එක්වර මුදල් ගෙවා හෝ රක්ෂණය ලබාගත හැකි අතර වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසුව මාසිකව විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.
මාසිකව රුපියල් 27 බැගින් දායක මුදල් සෙවීම වයස අවුරුදු 18 දී ආරම්භ කළහොත් වයස අවුරුදු 60 සිට 63 දක්වා ඔහුට මාසිකව රුපියල් 1000ක විශ්‍රාම දීමනාවක් ලබා ගතහැකිය.
මාසිකව රුපියල් 270ක දායක මුදලක් ගෙවන්නෙකුට වයස 60 සිට 63 දක්වා කාලය තුළ රුපියල් 10000ක මාසික දීමනාවක් හිමිවිය.
වයස 64 සිට එම විශ්‍රාම වැටුප වැඩිවෙන බවද කෘෂිරක්ෂණ මණ්ඩලය කියයි.
මීට අමතරව අනතුරකදී, රෝගාබාධයකදී ප්‍රතිගාභ හිමිවන අතර කාලත්‍රයාටද විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට වසර ගණනාවකට පෙරත් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කොට, ගොවි ජනතාව මුලාකොට ඔවුන් තැන්පත් කළ මුදල් කාබාසිනියා කළා. මේත් ඒ වගේම ප්‍රෝඩාවක්...
මගේ ඔප්පුවෙ රු,2000 සදහන් වී ඇතත් ලැබෙන්නේ 950 කි