IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගොවි විශ්‍රාම වැටුප අලුත් වෙයි

(රන්ජන් කස්තුරි සහ අංජුල මහික වීරරත්න)

නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

වයස අවුරුදු 18ත් 55ත් අතර ඕනෑම පුද්ගලයෙකුට එම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායක විය හැකිය.

වයස අවුරුදු 18ක පුද්ගලයකු මාසිකව ගෙවිය යුත්තේ රුපියල්27ක ගාස්තුවක් පමණක් වන අතර තමන්ගේ ආදායම මත පහසු රක්ෂණ සැලසුම් ක්‍රමයක් තෝරා ගැනීමට ගොවිජනතාවට හැකි බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

මාසික, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකවත් එසේ නොමැතිනම් එක්වර මුදල් ගෙවා හෝ රක්ෂණය ලබාගත හැකි අතර වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසුව මාසිකව විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

මාසිකව රුපියල් 27 බැගින් දායක මුදල් සෙවීම වයස අවුරුදු 18 දී ආරම්භ කළහොත් වයස අවුරුදු 60 සිට 63 දක්වා ඔහුට මාසිකව රුපියල් 1000ක විශ්‍රාම දීමනාවක් ලබා ගතහැකිය.

මාසිකව රුපියල් 270ක දායක මුදලක් ගෙවන්නෙකුට වයස 60 සිට 63 දක්වා කාලය තුළ රුපියල් 10000ක මාසික දීමනාවක් හිමිවිය.

වයස 64 සිට එම විශ්‍රාම වැටුප වැඩිවෙන බවද කෘෂිරක්ෂණ මණ්ඩලය කියයි.

මීට අමතරව අනතුරකදී, රෝගාබාධයකදී ප්‍රතිගාභ හිමිවන  අතර කාලත්‍රයාටද විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන ලබාගත හැකිය.



අදහස් (2)

ගොවි විශ්‍රාම වැටුප අලුත් වෙයි

Sunil Monday, 31 October 2022 02:36 PM

මෙයාට වසර ගණනාවකට පෙරත් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කොට, ගොවි ජනතාව මුලාකොට ඔවුන් තැන්පත් කළ මුදල් කාබාසිනියා කළා. මේත් ඒ වගේම ප්‍රෝඩාවක්...

:       0       4

කුමාර සිරි බංඩාර Monday, 14 August 2023 12:38 PM

මගේ ඔප්පුවෙ රු,2000 සදහන් වී ඇතත් ලැබෙන්නේ 950 කි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site