IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)


ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හෙට (28 ) සිට සිය රාජකාරී වලින් බැහැරව ගැනීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව  අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මණ්ඩල ද සොයිසා මහතා පැවසීය.


ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆ්වුස් නියාස් මහතා විසින් ගාල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ටම් ද සිල්වා මහතාට  බැන තර්ජනය කිරීමට කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය මුල් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් කර තිබිණි.


ගාල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහ නගර සභාවෙන් බැහැරව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට නගරාධිපතිවරයා පියවර ගැනීම සහ හෙට (28) දින ගාල්ල මහනගර සභාවේ   විශේෂ රැස්වීමක් කැඳවා නියෝජ්‍ය නගරාධිපති වරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැනවැදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ලබා ගැනීමට ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත  සහබන්දු මහතා පොරොන්දු වීම නිසා වර්ජනය නැවැත්වීමට තීරණය කර  ඇතැයි ද වෛද්‍ය මංජුල  ද සොයිසා මහතා වැඩිදුරටත් කීය.


ඒ අනුව ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (27) දින සිට ගාල්ල දංගෙදර රෝයල් සිටි නැමති ස්ථානයේ ස්ථාපිත කළ බවද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා  මේ වන විට කොවිඩ්  මර්දන කටයුතු ඇතුළු  සියලුම රාජකාරි ඉටු කරමින් පවතින බවද කීය.



අදහස් (1)

ගාල්ලේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

අතුල සෞදි Sunday, 27 December 2020 09:13 AM

රජයේ වගකියයුතු රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම අත් අඩංගුවට ගතහැකි වරදක්. ඇයි මේ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ? ඔක්කොම පොඩි මිනිස්සුන්ට විතර ද ? පොලිස්පතිතුමනි, අපි අවධානයෙන්.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site