(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් 22 දෙනකුට සහ ගුරුවරුන් 05 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.
පාසල් විවෘත කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල මෙම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට කොවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ඇල්පිටිය ඉදුරුව ගාල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මෙම රෝගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර් පාසලක ඉගෙනුම ලබන ළමුන් 17 දෙනෙකු මේ අතර සිටින බවත් මේ වනවිට එම දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ඉගැන්විම් සිදුකරණ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කොරොනා එක්ක ජීවත් වෙන්න වෙනවා. කොරොන වයිරසයට අපගේ ජීවිතය හා එදිනෙදා කටයුතු විනාශ කිරීමට අපි ඉඩ නොදෙමු.