(ඩී.ජී.සුගතපාල)

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැදවි අංශයේ තිබි එම්.එම්.09 වර්ගයේ ජීව උණ්ඩ පහක්  හමුවු බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් කාන්තා අංශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි අයිතිකරුවකු නොමැති මෙම  උණ්ඩ හමුවි ඇත.

එම උණ්ඩ බන්ධනාගාර අධිකාරිවරයා බාරයේ තබා ඇති අතර ඒවා කාන්තා සිර මැදිරි අංශයට ලැබි ඇති ආකාරය පිළිබඳව වැඩි දුරටත් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.