
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජේ.කේ.එල්. චාමින්ද)
අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවත් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් යාපා මහතා වැඩිදුරටත් කීය.
විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීමට පටන් ගැනීමත් සමග ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා ද පනවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිස්සුන්ගේ මෝඩ තීරණ නිසා වන්දි ගෙවන්නේ අහිංසකයන්. පළමු රෝගියා හමුවෙච්චි දාම Lock Down කලේ නැහැ ආර්ථිකයක් ගැන කියවල , අනික අඳුරන අයට ඕන විදියට රටට ඇතුල් වෙන්න, නිරෝදායනය නොවී වැඩ කරන්න ඉඩ දීල. රටම ඉවරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? නීතියක් නැහැ දඬුවම් කරන්න ඒ අයට. මොන නායකයන්ද? සාමාන්‍ය දේ තේරෙන්නේ නැහැනේ.
අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලටත් අවදානමක් තියෙනවද?