(දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.
කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද රැස්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බල සංවිධානය කියන්නේ නොර්වේ වලින් සල්ලි ගන්න සංවිධානයක් කියලා අපි මුල ඉඳලම දන්නවා. නොර්වේ කියන්නේ කොටින්ට කෙලින්ම ආධාර කරපු රටක්. දැන් කොටින්ට ඕනේ උතුරු, නැගෙනහිර දෙකම එකතු කරන්න. මේකට තියෙන ලොකුම බාධකය තමයි නැගෙනහිර සහ උතුරේ ඉන්න මුස්ලිම්වරු. මුස්ලිම්වරුන්ට සිංහලයන්ව එපා කරවන්න තමයි නොර්වේ මේ ගැටේ ගැහුවේ. දැන් මුස්ලිම්වරු මෙන්ම සිංහලයන් ඉන්නේ සැකයෙන්... දැන් මුස්ලිම්වරුන්ට දෙමළ මිනිස්සු එක්ක එකතු කරලා සිංහලයා එක්ක ඉන්න බැහැ. අපි දෙමළ මිනිස්සු එක්ක එකතුවෙමු.. යන තත්වයට පත් කරන්න තමයි ඔය දැඟලුවේ. නැතුව එක පාරටම මුස්ලිම් විරෝධයක් මතු කරන්න බොදු බලය හිටපු ගමන් පාත් වුණා. දැන් තමයි බලලා එළියට පනින්නේ.
තව,තව?
තිත්ත ඇත්ත. පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න මාහ මොළකරුත් වහාම ජනතාවට එළිකරන්න.
බෞද්ධ අන්තවාදයක් ලංකාවේ තිබුණේ කොයි කාළේද..? අන්‍ය ආගමිකයින් බෞද්ධ උරුමයන් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිවීම බෞද්ධ අන්තවාදයද? බෞද්ධ සිද්ධස්ථාන, බුදු පිළිම විනාශ කිරීමට විරුද්ධ වීම බෞද්ධ අන්තවාදයද? ඔබ ඔය කියන පාලන සමයේ තිබූ ඊනියා සහජීවනය නිසා වැඩිපුරම පීඩා වින්දේ සිංහල බෞද්ධ ජනතාව... කවුද ඒ අය වෙනුවෙන් කතාකලේ, කවුද ඒ අය වෙනුවෙන් පෙනී හිටියේ.. කිසිම NGO එකක් ඒ ගැන කතා කළාද? බෞද්ධ අන්තවාදයක් අපේ රටේ තිබුනේ නෑ. එහෙම තිබුණා කියලා පිළිගත හැකි සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කර ඊට අදාළ අයට නිසි දඬුවම් ලබාදෙන්න. බෞද්ධ අපි කැමති නෑ කාටවත් හිංසා කරන්න. හැබැයි එහෙම කියලා අපේ උරුමයන් විනාශ කරන්න කෙනෙක් උත්සාහ කරන්නේ නම් නිහඬව ඉන්නෙත් නෑ.
නෝර්වේ රාජ්‍යයට ඕනේ මේ රට කෑලිවලට කඩන්න. කොටි ත්රස්තයන් හැර ඔවුන්ට කරගන්න බැරිවුණා මේ වැඩේ, මුස්ලිම් සිංහල ගැටුම් ඇතිකරල හරි මේ රට කඩන්න හදනව. සුඩානය සහ කොරියාව දෙකට කැඩුවෙත් මේ නෝර්වේ තමයි. දෙමල ඩයස්පෝරාව ඉදිරියේ එරික් සොල්හෙම් ළඟදී කියා තිබුණා, අවසන් සටන යද්දී තාවකාලිකව හරි සටන් විරාමයකට යන්නයි කියල ප්රභාකරන්ට උපදෙස් දුන්නයි කියලත්, ප්රභාකරන් මීයයාම පිළිබඳව ඔහුට ඉතා දුකයි කියලත්, 2009 මැයි 19 වැනි දින ඔහුට ඉතා කනගාටු දිනයි කියලත්. නමුත් කනගාටුයි මේ සොල්හෙම්ට මේ රටේ පාලකයෝ කියන්නේ නෝර්වේ සාම නියෝජිත කියල.
නෝර්වේ අයගේ තියෙන චණ්ඩි පාර්ට් සමගම ඩොලර් එනකොට ඇඳගෙන ඉන්න දේත් අමතකයි.
විජේදාස රාජපක්ෂ කියන්නේ දෙපැත්තට පනින කෙනෙක්... ගලබොඩ අත්තේ හාමුදුරුවෝ එළියට ඇවිත් ප්‍රකාශයක් කරන්න කව්ද ඇත්ත කියන්නේ කියලා...
බෞද්ධ අන්තවාදයක් ලංකාවේ නැතැයි කියලා කියන්න බැහැ. සමහර බෞද්ධ කියලා කියාගන්න උදවිය බුදුදහමේ තිබෙන මූලික සංකල්පයවත් නොදන්නා අය...
දැනුත් පේනවා ඇතිනේ ගලබොඩ අත්තේ හාමුදුරුවෝ දේශපාලකයින්ට කඩේ යන හැටි... මේ ගොල්ලෝ කරොත් හොඳයි කියනවා. ඒ ගොල්ලෝ කරොත් නරකයි කියනවා. හොඳම වැඩේ සයින්දමර්දු නගර සභාව ගැන...
තව ටික දවසකින් විජේදසම කියයිද දන්නේ නැහැ බොදුබල සේනාවේ බෞද්ධ අන්තවාදයක් නැහැ නොර්වේන් මුදල් ලැබුනෙත් නැහැ කියලා.
අපි දැක්කා ඒ කාලේ "බෞද්ධ කටයුතු" ඇමතිතුමා වශයෙන් ඔබතුමා කියනවා මේ රට "බෞද්ධ රටක් නෙමෙයි" කියලා. ඔන්න ඕකට තමය් කියන්නේ ඔබතුමාලා වගේ ගොයියන්ට "බලේ තියෙද්දී මොලේ නැහැ, මොලේ තියෙද්දී බලේ නැහැ" කියලා කියන්නේ..
සිංහල ජාතිකත්වය කියන්නෙ එකක්. ඔය වගේ කොන්ත්‍රාත්කරුවන් දෙමළ, මුස්ලිම් සමාජයේත් ඉන්නවා. ඒක මතක තියාගන්න.
විජේදාස මහත්තයා නම් කාගෙන්වත්, කිසිමදෙයක් අරගෙනත් නැහැ. ගන්නෙත් නැහැ. ඒ හින්දනේ අනුන්ට මෙහෙම කියන්නේ. එතුමගේ කොලේ ඉරන්න කවුරුත් නැතිද?
මෙයාට ඇමතිකමක් නොලැබුණාට හිතට අමාරු ඇති... සහෝදර සමාගමේ අය වෙනුවෙන් කඩේ ගිය තරමක්...
නොර්වේ කාරයෝ සල්ලි දුන්නට වැඩේ නොකෙරුණ නිසා නොවේ කාරයෝ "නොවෙයාර්" උනා නේ ?