
(රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිර පොලිස් නිලදාරියකුගේ රාජකාරියට බාධා කරමින් පහර පහරදුන් බව කියන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්රී ධනුක සීවලී හෙට්ටිගේ පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා (19) නියෝග කළේය.
සැකකරුට එරෙහි පැමිණිල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා ඉදිරියේ කැඳවන ලෙසට කොටුව මහේස්ත්රාත්වරයා කළ නියෝගයක් පරිදි පැමිණිල්ල කැඳවීමෙන් පසුව මෙසේ පෙර ඇපමත මුදා හැරීමට නියෝග කෙරිණි.
හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල පසුගිය වසරේ අගෝස්තු 22 වන දා කැඳවූ අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර කොටුව මහේස්ත්රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට මීට පෙර නියෝග කොට තිබිණි.
සැකකරු අධිකරණය පෙනී සිටීමෙන් පසුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ පොලිසිය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවය.
කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුට එරෙහිව නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන් මාර්තු 27 දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd