IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගලක් පෙරැලී අවහිර වූ කොළඹ - රත්නපුර මාර්ගය යළි විවෘතයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පරකඩුව තිරිවාන ප්‍රදේශයේ ඉවුරක තිබු විශාල කලුගලක් පාරේ කොටසකට  පෙරළීමෙන් අවහිර වී තිබු මාර්ගය පැය  දෙකකට ආසන්න කාලයකට පසුව  යළි විවෘත කෙරිණි.

අද උදෑසන සිදු වූ මෙම අවහිර වීමෙන්  මාර්ගයේ වාහන ගමනා ගමනය ද ඇණහිටියේය.

ගල පෙරලීමත් සමග ප්‍රධාන පාර දිගේ ඇද තිබු දුරකතන රැහැන් මාර්ගයේ  කණු කඩාවැටී රැහැන්ද බිම වැටී තිබුණි. අනතුරින් ජීවිත හානි නොමැත. ගල පෙරලුණු පැත්තේ තිබූ කුඩා ගොඩනැගිල්ලක කොටසකට හානි සිදුව තිබුණි. අනතුර සිදුවු අවස්ථාවේ එහි කිසිවෙක් නොසිටි බව ද පොලීසිය කීවේය.

ප්‍රදේශවාසීන් එක්ව පාරට කඩාවැටුණු ගස්වල අතු ඉවත් කර වාහන ගමනාගමනය සඳහා කටයුතු සලස්වනු ලැබීය.

මෙම ගල පෙරලුන් අවස්ථාවේ කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ වාහන වැඩිපුර ගමන් ගන්නා අවස්ථාවක් වුවත් මාර්ගයේ වාහන කිසිවක් ඒ අවස්ථාවේ ගමන් කර නොතිබුණි.

 



අදහස් (0)

ගලක් පෙරැලී අවහිර වූ කොළඹ - රත්නපුර මාර්ගය යළි විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site