
(ෂේන් සෙනනෙවිරත්න)
පේරාදෙණිය ගෙලීඔය කරමඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදී මියගොස් තවත් පුද්ගලයකු සහ කුඩා දැරියක තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගෙලිඔය කරමඩ ප්‍රදේශයේ පදිංචි කාරණීයක වූ තක්ෂිලා රත්නායක (35) නැමැති එක් දරු මවකි.
නුවරඑළියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව බාරය නවතා තිබූ ත්‍රී රෝද රථයක ගැටී නිවසකට සහ වෙළඳ සැලකට කඩා වැදී ඇති අතර එම වෙළඳසලේ සිටි කාන්තාව සහ කුඩා දරුවා සහ ත්‍රීරෝද රථයේ රියදුරුද එහි ගැටී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝන් එක කනේ ගහගෙන වටේටම දෙයියෝ එල්ලගෙන කන් අඩි පැලෙන්න සිංදු දාගෙන තොරං වගේ ලයිටි දාලා එලවං යන ලොරි චැසියට පොප් රිවට් වලිං තහඩු ගහපු මේ කරුමය ලංකාවේ ජනගහනය පාලනය කරන්න ඉංදියාවෙන් එවපුවා
ජරාව කණ පොලීසිය හා හදවත ගිණිගැසුණු මනුෂ්‍යකම් නොහඳුනන දරුවන් දෙමාපියන් වැඩිහිටියන් නොසලකන ගොබ්බ ජනතාව ඉන්න තාක් ඕවා පාලනය කරන්න බැරි බව රටට දැයට ආදරය කරන සිහියෙන් ජීවත්වන යහපත් දැහැමි ජනතාව හොඳින් මතක තියාගන්න..