IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ගාලු කතිකාව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අද (22) පෙරවරුවේ ආරම්භ විය. 
 
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නවවැනි වරටත් මෙම කතිකාව සංවිධානය කර තිබිණි. 
 
“සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම” යන්න මෙවර ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ තේමාව ලෙස නම් කර ඇත.
 
සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිය ආරම්භ කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පිළිගැනීමේ කතාව කළ අතර රණසිංහ මහතා සම්මන්ත්‍රණයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් ද කියවීය.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය. 
 
මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් සහ දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීහු ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. 
 
සාගර දැක්ම, සාගර පාලනය, ඉන්දීය සාගරය සහයෝගයෙන් කළමනාකරණය කළ හැකි ද?, මානුෂීය සහාය සහ ආපදා සහන, නීල ආර්ථිකය, සාගර පාලන ප්‍රදේශය පිළිබඳ අවබෝධය යන තේමා යටතේ සැසිවාර පැවැත්වීමට නියමිතය.
 
‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ අඟහරුවාදා (23) අවසන් වේ. 
 
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
 



අදහස් (2)

‘ගාලු කතිකාව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

upali Monday, 22 October 2018 12:26 PM

ඔය කතිකාව පටන් ගත්තේ ගෝඨා නේද?

:       248       25

rohana Tuesday, 23 October 2018 04:02 AM

උපාලි ඕක පටන් ගත්තේ ගෝඨා නෙවෙයි නොදන්නා දේට කට දාන්න එපා. අපේ පාලකයෝ නොදැනුවත් කම හෝ දැනගෙන රටට ආදරේ නැති නිසා කොමිස් වලට තිබෙන ආදරේ නිසා තමයි. හම්බන්තොට සහ කොළඹ වරාය වල චීනුන්ට දුන්නේ. සිතියම් ගැන දැනුමක් තිබේනම් කරුණා කර සාගරික සිතියමක් ගන්න එහි ඔබටම බලාගන්න පුළුවන් ලංකාව ලඟින් සහ සිංගප්පුරුව ලඟින් කොතරම් වෙළඳ නැව් යනවාද කියලා ඔවුන් ( සිංගප්පුරුව) එම නැවු වලට වතුර, තෙල් , ආහාර., අමතර කොටස්, සහ අලුත් වැඩියා සඳහා විශාල මුදල් ප්‍රමාණයක් එම රටට ගන්නවා. එම නැවු යන්නේ ලංකාව ලඟින් නම් ඇයි අපිට බැරි ඒ සියලු දේවල් සපයා මුදල් උපයන්න. මහත්වරුනි එදා සහ අද කිසිම පාලකයෙක් මේ රටට ආදරේ නැත ඒකයි ඇත්ත.

:       0       248

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site