
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව මන්ත්‍රීවරුන්ට තවම ලබාදී නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අද කථානායකවරයාට පැමිණිලි කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ මෙම වාර්තාවේ ඇති දේ දැනගැනීමට මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇති බවයි.
මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ සභානායකවරයා වාර්තාව සභාගත කළත් මන්ත්‍රීවරුන්ට එය තවමත් ලබාදී නැති බවයි. අධ්‍යයනය කිරීමට වාර්තාව හැකි ඉක්මනින් දෙන්නැයි ඔහු ඉල්ලීමක් කළේය.
කතානායක:
එය මුද්‍රණයට යවලා තියෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd